අයිසීසීය විරාම ඝටිකාව අතට ගනී

282

එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගවල දී කාලය නාස්ති වීම වැළැක්වීම සඳහා නව ක්‍රමවේදයක් ලෙස විරාම ඝටිකාව හඳුන්වාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

පන්දු ඕවර දෙකක් අතර ගතවන කාලය එමගින් නියාමනය කෙරේ.

2023 දෙසැම්බර් සහ 2024 අප්‍රේල් අතර කාලය තුළ මෙම ක්‍රමවේදය අත්හදාබැලීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනයකින් පවසා සිටියේය.

එම නිවේදනයට අනුව එක් පන්දු ඕවරයක් නිමා කර විනාඩියක් ඇතුළත ඊළඟ ඕවරය යැවීමට පන්දු රකින කණ්ඩායම සූදානම් නැතිනම්, එය ඉනිමක තුන් වරක් සිදුකළ විට ලකුණු 5ක දඩයක් පන්දු රකින කණ්ඩායමට පැනවේ.

advertistmentadvertistment
advertistmentadvertistment