අර්බුදයෙන්  ලේත් නැහැ

123

ලේ දන්දීමේ කඳවුරු අවලංගු කිරීමෙන් රෝහල් තුළ සැලසුම් කළ සැත්කම් නවතා දැමීමේ අවදානමක් පවතී. සැත්කම් නවතා දැමීමේ තීන්දුව ඉදිරි දෙදින තුළ ගැනීමට සිදුවනු ඇතැයි වෛiවරු පවසති.

ජාතික ලේ බැංකුවේ අධ්‍යක්‍ෂ වෛi ලක්ෂමන් එදිරිසිංහ මහතාගෙන් කළ විමසීමේදී පැවැසුවේ ඉන්ධන හිඟය, අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය හිඟය, ප්‍රතිකීයක හිඟය සහ ශල්‍ය පාරිභෝගික ද්‍රව්‍ය හිඟය සැලසුම් කළ ජංගම ලේ දන්දීමේ කඳවුරු අවලංගු කිරීමට බලපා තිබෙන බවයි.

ඊයේ (29 දා) සහ පෙරේදා (28 දා) සැලසුම් කර තිබූ ජංගම ලේ දන්දීමේ කඳවුරු ගණනාවක් අවලංගු කිරීමට සිදුවූ බව ද ඒ මහතා පැවසීය. ලේ රැස්කර ගැනීමට නොහැකිවීමෙන් රෝහල් පද්ධතිය තුළ පෙර සැලසුම් කළ ශල්‍යකර්ම ඇනහිටීමේ අවදානමක් හටගෙන තිබෙන බවත් හදිසි අනතුරු හේතුවෙන් රෝහල්වලට ඇතුළත් කරන

රෝගීන්, දරු ප්‍රසූතිය සඳහා සීසර් සැත්කම් සඳහා භාජනය කෙරෙන මවුවරුන් සහ වෙනත් ශල්‍යකර්ම සඳහා භාජනය කෙරෙන රෝගීන්ගේ සැත්කම් ලේ හිඟයෙන් සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ අවදානමක් පවතින බවත් අධ්‍යක්‍ෂ වෛi ලක්ෂමන් එදිරිසිංහ මහතා පැවැසීය.

ලේ බැංකුව යටතේ දිවයින පුරා පවත්වාගෙන යන ලේ එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල, ලේ දන්දීමේ කඳවුරු දක්වා ප්‍රවාහනය කිරීමත්, ලේ පරිත්‍යාගශීලීන්ට එම ස්ථානවලට පැමිණීමට සහ පිටවයෑමටත් ඉන්ධන හිඟය තදින්ම බලපා තිබෙන බවත් පැවැසූ අධ්‍යක්‍ෂවරයා පවතින ගැටලු කඩිනමින් විසඳා ගැනීමට බලධාරීන් වහාම මැදිහත් විය යුතු බව ද පැවසීය.

ලේ බැංකුව යටතේ දිවයින පුරා පවත්වාගෙන යන ලේ එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල ලේ දන්දීමේ කඳවුරු දක්වා ප්‍රවාහනය කිරීමත්, ලේ පරිත්‍යාගශීලීන්ට එම ස්ථානවලට පැමිණීමට සහ පිටවයෑමටත් ඉන්ධන හිඟය තදින්ම බලපා තිබෙන බව පැවැසූ අධ්‍යක්‍ෂවරයා පවතින ගැටලු කඩිනමින් විසඳා ගැනීමට බලධාරීන් වහාම මැදිහත් විය යුතු බවද පැවසීය. කල්මැරීම රෝගී ජීවිත දැඩි අවදානමකට හෙළීමක් බවත් තවත් ජීවිතයකට පණදීමට එක්වන ලේ පරිත්‍යාගශීලීන් සඳහා ජංගම ලේ කඳවුරු පවත්වන දිනයේදී ඉන්ධන පහසුකම් ලබාදීමට බලධාරීන් පියවර ගතයුතු බව ද පැවැසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

 

advertistmentadvertistment
advertistmentadvertistment