අරුන්දික ගුවන් නියමුවකු ලෙස සේවය කර නෑ – ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදය

1144

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රානාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවකු වශයෙන් සේවය කර නොමැති බව ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමුවන්ගේ සංසදය පවසයි.

 ඒ බව තහවුරු කරන කිසිදු තොරතුරක් තම සන්තකයේ නොමැති බවද එම සංසදය කියයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ඉකුත් මැයි 19 දින පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තම සංසදය වෙත විමසීම් ලැබෙමින් තිබෙන බවද එම සංසදය තවදුරටත් කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment