අවුරුදු විස්සකට පස්සේ ටෙලියක් හැදුවා – ප‍්‍රසන්න ජයකොඩි

378

කොහොමත් අපිට මේ කොරෝනා අර්බුදය මේ වතාවේ සුබවාදීව හිතන්න බැරි වුණාට සුබවාදීව හිතන්න වෙනවා. මොකද එකම දේ තියෙන්නේ අපි මේ මොහොතේ වෙනස් විය යුතුව තියෙනවා. සියලූ දේ වෙනස් වෙන කාලයක්. අපේ නිර්මාණකරණය සිනමාව පෙන්වන විදිහ ගැන වගේම සියල්ල ගැන අලූතින් හිතන්න වෙනවා. අපිට මෙහෙම කිව්වේ අපේ රටේ දක්‍ෂ නිර්මාණකරුවෙක්වන ප‍්‍රසන්න ජයකොඩි. ඇත්තට ම ඔහු වෙනස් වෙලා. මොකක්ද ඔය කියන විදිහට ඔහු වෙනස් කරපු රාමුව. එහෙමත් නැතිනම් මාධ්‍ය. මේ කතාව ඇතුළේ ඒ කතාවට උත්තර තියෙනවා. කියවලා බලන්නකෝ.

 * ප‍්‍රසන්න ජයකොඩි කියන නිර්මාණකරුවා රූපවාහිනියට ගොඩවීමේ නිහඬියාව බින්ඳා කියලා ආරංචියි…

 මම හිතන්නේ මම අන්තිමට ම ටෙලිනාට්‍යයක් කළේ 1999 වසරේ හෝ 2000වසරේ. ඇත්තටම අපේ බලාපොරොත්තුව සිනමාවට පිවිසෙන්න. ඒ නිසා මට ටෙලිනාට්‍ය කලාවට පිවිසෙන්න අවස්ථාවක් නැතිව ගියා. ඒ මාධ්‍ය එතැනින් එහාට අත හැරුණා. කොරෝනා වසංගතයත් එක්ක අපේ සිනමාවට හරි හමන් මඟක් පෙන්නන නැති නිසා ආයේ ටෙලිනාට්‍යයක් කරන්න පෙළඹුණා. මම හිතන්නේ අවුරුදු විස්සකට විතර පස්සේ.

 * ඇත්තට ම මේ ටෙලිනාට්‍ය ඔබේ 28 සිනමා නිර්මාණයේ දිගුවක් කියන්නේ ඇත්තද?

 ඔව්… සුද්දිගේ කතාවේ අවසානය තමයි 28 චිත‍්‍රපටයේ තියෙන්නේ. 28 චිත‍්‍රපටය මම ලියන්න පෙළඹුණේ කොටස් තුනකින්. ඒකේ අන්තිම කොටස තමයි 28 චිත‍්‍රපටය. මේකේ පළමුවැනි කොටසට ගත්ත වස්තුබීජයේ සිනමා පිටපත වෙනස් කරලා ටෙලිනිර්මාණයක් විදිහට ගොඩනැ`ගුවා.

අවුරුදු විස්සකට පස්සේ ටෙලියක් හැදුවා - ප‍්‍රසන්න ජයකොඩි



 * සිනමා පිටපතක් තමයි ටෙලිනාට්‍යයට නැෙගන්නේ?

 ඔව්… මම නැවත මේ පිටපත ලිව්වා. මොකද සිනමා පිටපතයි ටෙලිනාට්‍ය පිටපතයි සම්පූර්ණයෙන් වෙනස්. වස්තුබීජය දෙආකාරයට තමයි දිග හැරෙන්නේ. ටෙලිනාට්‍යයකට ලියපු පිටපත කවදාකවත් චිත‍්‍රපටයකට නඟන්න බෑ. චිත‍්‍රපටයකට ගොඩනැඟූ පිටපතකින් ටෙලිනාට්‍යයක් කරන්නත් බෑ. ඒකේ ප‍්‍රසන්ටේෂන් ස්ටයිල් එක සම්පූර්ණයෙන් වෙනස්. ටෙලිනාට්‍යයක් කියන්නේ කතා කියවීමේ කලාවක්නේ. මම හිතන්නේ සිනමාව කියන්නේ කතා කියවීමේ කලාවක් නෙමෙයි. ඒක යම්කිසි අවස්ථාවක් හෝ ජීවිතයක් විවරණය කිරීමක්. ඉතිං ඒක හින්දා කතා කියවීමේ කලාවම අපිට ගොඩක් වෙලාවට ඒක මොහොතින් මොහොත එතැනින් එහාට සිද්ධවීම කොහොමද ගලාගෙන යන්නේ. එහෙම නෙමෙයි චිත‍්‍රපයේ ස්වභාවය.

 * මේ ටෙලිනාට්‍යයේ නම මොකක්ද?

 එයා දැන් බැඳලා.

 * එයා දැන් බැඳලා ටෙලිනාට්‍යයට සහභාගි කරවා ගන්නේ 28 චිත‍්‍රපටයේ නළු නිළියන් විතරයි කියන්නේ ඇත්තද?

 ඔව්… දැන් අපේ 28 චිත‍්‍රපටයේ හිටියේ මහේන්ද්‍ර පෙරේරා, සේමිණී ඉද්දමල්ගොඩ, සරත් කොතලාවල, රුක්මල් නිරෝෂ්. දැන් මේ වැඬේ කරනකොට රුක්මල් නිරෝෂ් ලංකාවේ නැහැ. ඔහුට මේ වැඬේට සම්බන්ධ වෙන්න බැරිවුණා. ඒ වෙනුවට අපිට සම්බන්ධ වෙනවා ප‍්‍රදීප්රාමවික‍්‍රම, සරත් කොතලාවල චිත‍්‍රපටයේ හිටියේ වෙන චරිතයකට 28 දී දයා තෙන්නකෝන් පීතර් කියන චරිතය රඟපෑවේ. දයා අයියා ජීවතුන් අතර නැති නිසා අපි වෙන විදිහට වේෂ නිරූපණයෙන් වෙනස් කරලා සරත් කොතලාවල ඒ චරිතය ර`ගපෑවා.

 * ඇත්තට ම චරිත හතර ද මේ ටෙලිනාට්‍යයට තියෙන්නේ?

 මේ ප‍්‍රධාන චරිත හතරට අමතරව ප‍්‍රසන්න ඇකුම්පිටිය තවත් ප‍්‍රධාන චරිතයක් ර`ගපානවා. තව චරිත කිහිපයක් තියෙනවා. නමුත් ප‍්‍රධානව ගත්තොත් මේ චරිත හතර හරහා තමයි කතාව ගලාගෙන යන්නේ.

 * බොහෝම සීමිත නළු නිළියන් පිරිසක් එක්ක ටෙලිනාට්‍යයක් කරනවා කියන්නේ ලෙහෙසි වැඩක් නෙමෙයි නේද?

 පැහැදිලිවම… මේ ටෙලිනාට්‍ය පොදු පේ‍්‍රක්‍ෂකයා අරමුණු කරගෙන කරපු වැඩක්. මේ ටෙලිනාට්‍යයේ හැම සිද්ධියෙන් සිද්ධියටම කුතුහලය ඇති වෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. මේක ඇත්තට ම කිව්වොත් බ්ලැක් කොමඩියක්. හැම වෙලාවෙම හාස්‍යයක් මේක ඇතුළේ තියෙනවා. මේ ටෙලිනාට්‍යයේ හැම මොහොතක්ම නැවත වෙනස් වෙමින් වෙනම උප‍්‍රාසයකට යන ආකාරයේ ටෙලිනාට්‍යයක්. ‘එයා දැන් බැඳලා’ කිසිම ලෙසකින් පේ‍්‍රක්‍ෂකයාගෙන් බැහැර වෙන්නේ නැහැ.

 * සේමිණී ඉද්දමල්ගොඩ රංගන ශිල්පිනිය සුද්දිට මොනතරම් සාධාරණයක් ඉෂ්ට කළා ද ?

 මම හිතන්නේ මම දැකපු සේමිණි, ර`ගපාපු හොඳම රංගනය තියන්නේ මේක ඇතුළේ.

 * සුද්දි වටා ලොකු පේ‍්‍රක්‍ෂක පිරිසක් එකතුවේවි කියලා හිතෙනවාද?

 සුද්දි පමණක් නෙමෙයි, මෙහි එන ප‍්‍රධාන චරිත සියල්ලටම ලොකු පේ‍්‍රක්‍ෂක පරිසක් එකතුවේවි කියලා හිතනවා. අනික මේ චරිත එකිනෙක පරයා යන චරිත හතරක්. මේකෙදී සුද්දි ප‍්‍රබල වෙනවා. මොකද සුද්දි වටානේ මේ සියලූ දේවල් සිද්ධ වෙන්නේ. සුද්දි වටා බ‍්‍රමණය වෙන ප‍්‍රශ්නගොඩක් තමයි මේක ඇතුළේ තියෙන්නේ. සුද්දිගෙන් හෙළි කරන්නේ අපේ සමාජයේ කාන්තාවන් එක්ක ලිංගිකත්වය එක්ක තියෙන අර්බුද. ගණිකාවක් විදිහට ගමකට ඇවිත් ඒ ගැහැනිය නැවත සාමාන්‍ය සාම්ප‍්‍රදායික බිරිඳක් වෙන්න යන අවස්ථාවේදී ඒ ගම ඇතුළේ පවුල ඇතුළේ ඇතිවෙන මුහුණ දෙන ප‍්‍රශ්න ටික තමයි ’එයා දැන් බැඳලා’ තුළින් කතාබහ කරන්නේ.

 * ප‍්‍රසන්න ජයකොඩි නිර්මාණකරුවා වසංගතය නිසා රූපවාහිනිය දුටුවාද?

 ඔව්… පැහැදිලිවම… ටෙලිනාට්‍ය කියන්නේ වෙනම ආකෘතියක්. අද වෙනකොට ඔය ටෙලිනාට්‍ය කරන වේගයට අපිට ටෙලිනාට්‍ය කරන්න බෑ. ඇත්තට ම මේ පිටපතේ තියෙන කොටස් 27 ක් යනකොට සාමාන්‍ය සමහර ටෙලිනාට්‍ය කොටස් 100ක් හදන්න තරම් කතා සංදර්භයක් මේක ඇතුළේ තියෙනවා. හැබැයි ‘එයා දැන් බැඳලා’ එහෙම ගිහිල්ලා නෑ. පළමු කොටසේ සිට අවසාන කොටස දක්වා කතාවේ උඩට යනවා මිසක් පල්ලයහට ගිහිල්ලා නෑ. ඉතිං මේ වේලාවේ නිර්මාණකරුවෙක් විදිහට වෙන කරන්න දෙයක් නැති නිසා වෙන්න පුළුවන් ටෙලිනාට්‍යයක් කළේ. ටෙලිනාට්‍ය කලාව ඉස්සර තිබුණ තැන නෙමෙයි දැන් තියෙන්නේ. මේක ව්‍යාපාරික මට්ටමට ගිහිල්ලා තියෙන්නේ. මම ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා වගේ කිහිපදෙනෙක් කොහොමත් ටෙලිනාට්‍ය කිහිපයක් මේ දවස්වල නිර්මාණය කරනවා.

 * දැවැන්ත නිර්මාණකරුවෝ ටෙලිනාට්‍ය කලාවට අත තැබීම නිසා ඉදිරියේදී ටෙලිනාට්‍ය කලාවට හොඳ කලදසාවක් උදාවෙයි කියලා හිතනවාද?

 කියන්න අමාරුයි. තවම තීරණය කරලා නැහැ මගේ ටෙලිනාට්‍ය මොන නාලිකාවෙන්ද විකාශනය වෙන්නේ කියලා. ඒකට හේතුව තවමත් තියෙන්නේ ගුණාත්මක තැනට වඩා මුදල මුල්වීම. දැන් බලන්නේ එයාර් ටයිට් නිල් කරන්න ඉස්සර එයාර් ටයිට් නිල් කරනවාට ගුණාත්මකකමට තමයි වැඩි මිලක් සහ හොඳම වෙලාව ලැබෙන්නේ. දැන් එතැනට වඩා වෙන තැනක මේක හැදිලා තියෙන්නේ. ඒ ක‍්‍රමය ඇත්තට ම වෙනස් වෙනවා නම් හොඳයි. ඒ වගේම ගුණාත්මක නිර්මාණවලට වටිනාකමක් ලැබෙනවා නම් හොඳ ටෙලිනාට්‍යකරුවෝ නැවත හොඳ ටෙලිනාට්‍යය හදයි. දැන් අපේ සිනමාවට ලොකු හානියක් වෙලා තියෙනවා. අපිට සුපුරුදු විදිහට සිනමා ශාලාවක් තුළ චිත‍්‍රපට බලන්න බැරි තැනකට ඇවිත් තියෙනවා. සිනමා ශාලා රැුසක් වැහිලා ගිහිල්ලා. අපි හදන චිත‍්‍රපටයක් පෙන්වන්න තැනක් නෑ .



 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment