අශ්ව ධාවන තරගවල යෙදවූ අශ්වයන් දහස් ගණනක් ඝාතකාගාරවලට

418

අශ්ව ධාවන තරගවල නම් දැරූ පුද්ගලයන් විසින් පුහුණු කරන ලද අශ්වයන් ඇතුළු අශ්ව ධාවන තරග සඳහා යෙදවූ අශ්වයන් දහස් ගණනක් එංගලන්තයේ හා අයර්ලන්තයේ පිහිටි ඝාතකාගාරවලට මරා දැමීම සඳහා යවා ඇති බව එංගලන්ත මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ.
 
 මෙසේ ඝාතකාගාරවලට මරා දැමීම සඳහා යවා ඇති අශ්වයන්ගේ ජායාරූප ‘‘ඇනිමල් ඒඞ්’’ නමැති සත්ත්ව හිංසනයට එරෙහි සංවිධානය විසින් ප‍්‍රසිද්ධ කර තිබෙන අතර මෙම ක‍්‍රියාව අශ්වයන්ට කෲර මරණයක් අත් වීම වැළැක්වීම සඳහා සකස් කර ඇති නීති රීති උල්ලංගනය කිරීමක් බව එම සංවිධානය කියයි. 2019 වසරේ සිට අශ්ව ධාවන තරග සඳහා යෙදවූ අශ්වයන් 4000ක් පමණ එංගලන්තයේ හා අයර්ලන්තයේ ඝාතකාගාරවලදී මරා දමා ඇති බව හෙළි වී තිබේ.
 

advertistmentadvertistment
advertistmentadvertistment