ආම විෂ නිසා හට ගන්නා ආතරයිටීස්

684

වර්තමානයේ අප බොහෝ දෙනකුට බලපා ඇති බරපතළ ගැටලුවක් වී ඇත්තේ ආතරයිටීස් රෝගයට ගොදුරුවීම බහුල වීමය. ඒ අනුව වසංගතයක් හා සමාන තත්ත්වයකට පත්ව ඇත. ඉන් රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑමට පටන්ගෙන ඇත. වයස් භේදයකින් තොරව කාන්තා පිරිමි සියලු දෙනාට හටගන්නා මෙම රෝගය වැඩි වශයෙන් වයස අවුරුදු 30 ඉක්මවූ විට දැකිය හැකිය.

ආතරයිටීස් රෝගයට බලපාන හේතු
ආයුර්වේදයට සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට අනුව ප්‍රමේහ වාතය හෙවත් පුරවිච්චන් පිළිකා ලෙස හඳුන්වන ආතරයිටීස් රෝගය ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපගේ ආහාර ජීර්ණ පද්ධතියේ හටගන්නා දුර්වලතාවයන්ය.

මෙම දුර්වලතාවය නිසා අප ගන්නා ආහාර නිසි ලෙස ජීර්ණය නොවී ආම විෂක් හටගනී. ඒ සඳහා බලපාන්නේ අක්මාව, ආමාශය, අග්න්‍යාසය යන ඉන්ද්‍රියයන්ගෙන් නිපදවන ආහාර ජීර්ණය සඳහා අත්‍යවශ්‍ය ශ්‍රාවයන් නිසි ලෙස සිදුනොවීම නිසාය. ආහාර ජීර්ණය නිසි ලෙස සිදුනොවීමෙන් හට ගන්නා ආම විෂ රුධියට උරාගනී. එවිට සිරුර පුරා රුධිරය සමග ගමන් කරන්නේ මෙම ආම විෂය.

අප ගනු ලබන ආහාර රස, රක්තය, මාංශ, මේද අස්ථි, ඇට මිදුළු සහ ශුක්‍ර ලෙස සප්ත ධාතු බවට කොටස් පහකට බෙදේ.

නිසි ලෙස ආහාර ජීර්ණය නොවූ විට ආම විෂ මෙම සප්ත ධාතු කොටස් සමග සිරුර පුරා ගමන් කරයි.

එහිදී අස්ථි ධාතුව සමග මෙම ආම විෂ ගමන් කරන විට ඒවා අස්ථිවල තැන්පත්වේ. ඉන්පසු එහි ඇති කාටිලේජ විනාශ කිරීමට පටන් ගනී. එය දිගු කලක් සිදුවන විට දණ හිස, වැළමිට, වළලුකර ආදී සන්ධි වේදනාවට පත්වීම, ඉදිමුම නිසි ලෙස ක්‍රියා කිරීමට නොහැකිවීම හිරිවැටීම ආදී අපහසුතා හට ගනී. එය දිගු කලක් පැවතීමේදී ප්‍රධාන සන්ධිවල විකෘති හට ගනී.

එවිට වැළමිට, දණහිස, උරහිස, වළලුකර ආදී සන්ධිවල මෙම විකෘතිතා බහුලව දැකගත හැකිය.

එසේ විකෘතිතා හටගත් විට ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකිවේ. සන්ධි ක්‍රියා කරන විට ‘ටකස්’ වැනි ශබ්දයක් ඇතිවේ. මෙලෙස ඇතිවන අපහසුතා පසුකලෙක කොඳු ඇට පෙළ දක්වාද ගමන් කරයි. එවිට කොන්දේ වේදනාව හට ගනී. කොඳු ඇට පෙළෙහි විකෘතිතා මතුවේ.

ආම විෂ නිසා හට ගන්නා ආතරයිටීස්

ආතරයිටීස් සඳහා ඇති ප්‍රතිකාර

දේශීය වෛද්‍ය ප්‍රතිකාර අනුව මේ සඳහා විෂ නසන ප්‍රතිකාර ලබාදිය යුතුයි. ඒ සඳහා රස බෙහෙත් වර්ග භාවිතා කරයි. එවිට සන්ධි තුළ හටගෙන ඇති විෂ ඖෂධ මගින් ලබාදෙන විෂ ප්‍රතිකාර මගින් නසනු ලබයි.

ඉන්පසු සන්ධි ආශ්‍රීතව හානියට පත්වූ කාටිලේජ නැවත වර්ධනය කිරීම සඳහා පෝෂණීය ඖෂධ වර්ග ලබාදේ.

මෙහිදී කෙටිකාලීන ප්‍රතිකාර ක්‍රම භාවිතය මගින් ආතරයිටීස් රෝගය ඉතා ඉක්මනින් සුව කළ හැකිය. ඒ සඳහා දින 16 ඖෂධ වාර 1 ත් 8 ත් අතර සංඛ්‍යාවක් ලබාදීමෙන් රෝගය සුවපත් කළ හැකිය.

එහිදී ඇතැම් රෝගීන්ට දින 16 ක් ඖෂධ වාරයක් ලබා ගන්නා විට රෝගය සම්පූර්ණයෙන් සුවවේ. තවත් අයට වාර දෙකක් තුනක් ගන්නා විට සුවය ලැබේ.

මෙම ඖෂධ මගින් ආහාර ජීර්ණ පද්ධතියේ පවතින දෝෂ නැති කරයි. එය පිරිසිදු කරනු ලබයි. ආමාශය අක්මාව, අගන්‍යාසය යන ඉන්ද්‍රියයන්හි ශ්‍රාවයන් නිෂ්පාදනයට අදාළව පවතින ගැටලු නැති කරනු ලබයි.

රුධිරය පිරිසිදු කරයි. ඒ අනුව රෝගියාට පූර්ණ සුවයක් ඇතිවීම මගින් ආතරයිටීස් රෝගය නිට්ඨාවටම සුවපත් කළ හැකිවේ.

ආතරයිටීස් රෝගීන්, මුරුංගා, මුරුංගා කොළ, මුරුංගා පොතු, මී පැණි, ඉඟුරු ආදිය දිනපතා ආහාරයට ගැනීම ගුණදායකය. එවිට අග්නිය ඇතිවේ. එමඟින් ආහාර ගැනීමේ රුචිය වැඩිවේ. ගැස්ට්‍රයිටීස් රෝග තත්ත්වයන් නැතිවී යයි.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0778985757 ඇමතිය හැකිය.

ආම විෂ නිසා හට ගන්නා ආතරයිටීස්

ආයුර්වේද, පාරම්පරික, දේශීය සර්වාංග රස වෛද්‍ය
ආචාර්ය වෛද්‍ය වජිර ජීව සරත් කුමාර
ජීවබල වෙදමැඳුර, අංක 46/2/4 නැගෙනහිර මාවත, කිරිල්ලවල, කඩවත.

advertistmentadvertistment
advertistmentadvertistment