ආර්ථිකය කඩා වැටිලා තියෙන වෙලාවෙ බලය බෙදීම ගැන කතා කරන්න එපා

92

ශ්‍රීලපොපෙ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්
රට බෙදීමට හෝ රටේ ඒකීය භාවය නැති කිරීමට අපේ උදව් නැහැ

රටේ ආර්ථිකය කඩා වැටී ඇති තත්ත්වයක් තුළ බලය බෙදීම පිළිබඳ මාතෘකාව සාකච්ජාවට නොගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම ආකාරයකින් රට බෙදීමට හෝ රටේ ඒකීය භාවය නැති කිරීමට හේතුවන කිසිදු කටයුත්තකට හෝ එබදු මතයක් හෝ දරන පුද්ගලයෙකුට කිසිදු උදව්වක් නොකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසිය.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

මේ වන විටත් රට ආර්ථික වශයෙන් වැටිලා තිබෙන්නේ. රට තවම බංකොලොත් භාවයෙන් මිදිලා නැහැ. මෙබදු තත්ත්වයක් තුළ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ප්‍රඤාඝෝචර දෙයක් ලෙස අපි දකින්නේ නැහැ. මොකද මෙබදු තත්ත්වයක් තුළ බලය බෙදන්න

ගියොත් විදේශීය බලවේග රාජ්‍ය නොවන සංවිධාන රට අස්ථාවර කර විවිධ අරමුණු ඉටුකර ගන්න අත්සාහ දැරීමට ඉඩ තිබෙනවා.

එම නිසා මෙම අවස්ථාව බලය බෙදීම පිළිබඳව සාකච්ජා කිරීමට සුදුසු අවස්ථාවක් නොවෙයි. බලය බෙදන්න කියලා කවුරුවත් මේ අවස්තාවේදී ඉල්ලා සිටියෙත් නැහැ. ජනාධිපතිතුමාම තමයි මෙම කාරණය ඉස්මතු කර ගත්තේ. එම නිසා මෙම අවස්තාවේදී බලය බෙදීමේ කාරණය පැත්තකින් තියා රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වන ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා සෘජුව මැදිහත් වන ලෙස ඉල්ලා සිටින බවත් ලේකම්වරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය. කාරියවසම් මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ඊයේ(14දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment