ආර්ථික අර්බුද ජය ගන්න න.ශ්‍රී.ල.නි.ප නායකගෙන් යෝජනා

133


රටේ පවතින ආර්ථික අර්බුද හමුවේ වර්තමානයේ දේශපාලඥයින් සහ රජයේ නිලධාරීන් වැඩි පිරිසක් කථා කරන්නේ ඒ සඳහා පසුගිය කාලයේ සිදුවූ වැරදි ගැන මිස අර්බුද විසඳා ගැනීමට ඇති අනාගත සැලසුම් ගැන නොවේ යැයි නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.පවතින ආර්ථික අර්බුදවලින් ජය ගැනීමට නම් ඒ සඳහා ඇති ඉදිරි සැලසුම් ගැන ජනතාවට ඉදිරිපත් කළ යුතු යැයිද කීවේය.මෙරට බිහිවූ සාර්ථකම මුදල් ඇමැතිවරයෙකු ලෙස සලකන ඇන්.ඇම් පෙරේරා මහතා පැවති ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත්තේ අනාගත සැලසුම් ජනතාවට ඉදිරිපත් කරමින් බවද ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment