ඇමෙරිකානු ජනාධිපති ඊශ්‍රායලයට පැමිණේ

422


ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා අද ඊශ්‍රායලයට පැමිණියේය.එහි දී ඔහු සිය සහයෝගීතාව ඊශ්‍රායලයට ප්‍රකාශ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන්කරයි.

මේ අතර අැමෙරිකානු ජනාධිපතිවරයා විසින් අරාබි නායකයන් හමු වීම සඳහා කැඳවා තිබුණු රැස්වීම අවලංගු වී ඇති බව වාර්තා වේ.

ගාසා තීරයේ රෝහලකට ඊයේ රොකට් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ඊශ්‍රායල සංචාරය අතරතුර දී අමෙරිකානු ජනාධිපතිවරයා තාවකාලික ව පිහිටුවා ඇති ඊශ්‍රායල යුද කැබිනට්ටුව සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව අැමෙරිකානු ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි සඳහන් කර තිබේ.

මේ අතර ඊශ්‍රායලය විසින් හදිසි යුද ආධාර ලෙස අැමෙරිකාවෙන් අැමෙරිකානු ඩොලර් බිලියන 10ක මුදලක් ඉල්ලා ඇති බව ද බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment