ඉගිල්ලෙන මාළුවෝ අද ඉගිල්ලෙති

446

සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ ඉහමත් ආන්දෝලනයට තුඩුදුන් ඉගිල්ලෙන මාළුවෝ හෙවත් Flying Fish සිනමාපටයේ Director’s Cut පිටපත එළඹෙන පෙබරවාරි 03වැනිදා සිට කොළඹ PVR සිනමා සංකීර්ණයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ. ඉගිල්ලෙන මාළුවෝ සංජීව පුෂ්පකුමාරගේ ප්‍රථම සිනමා නිර්මාණය වන අතර එය කළක් තහනමට ලක්ව තිබිණි.

ඉගිල්ලෙන මාළුවෝ සංජීව පුෂ්පකුමාර සහ මනෝහන් නානයක්කාර මහතා නිෂ්පාදනය කරන ලද අතර සංජීව පුෂ්පකුමාර සහ චින්තන ධර්මදාස විසින් තිර රචනය රචනා කරන ලදී. කෞෂල්‍යා ප්‍රනාන්දු, සම්පත් ජයවීර, ගයේෂා පෙරේරා, මයුර කාංචන, වසන්ති රංවල, නිලංක දහනායක, සංජීව දිසානායක, සුමති සිවමෝහන්, සිත්ති මාරියම් ඇතුළු පිරිස රංගනයෙන් එක්වෙයි. ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයේ කැමරාකරණය විශ්වජිත් කරුණාරත්න, සංස්කරණය අජිත් රාමණායක, සංගීතය තරිදු ප්‍රියංකර ද සිල්වා, කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්ත, නිෂ්පාදන කළමණාකරණය දීපාල් ගුණරත්න සහ හැරල් කරුණාතිල, සහාය අධ්‍යක්ෂණය, අරුණ තිලකරත්න විසින් සිදුකර තිබේ.

අතිශය ජාත්‍යන්තර ප්‍රණාමයට ලක්වු ඉගිල්ලෙන මාළුවෝ හෙවත් Flying Fish සිනමාපටය මෙරට ප්‍රදර්ශනය කරන්නේ වසර දොළහකට පසුවීම සුවිශේෂි සිදුවීමකි. මීට පෙර චිත්‍රපටයේ වැඩ අවසන් නොකළ පිටපතක් (Rough Cut) නීති විරෝධි ලෙස සමාජගතවු අතර අද (03 වැනිදා) සිට කොළඹ PVR සිනමාශාලාවේදී සැබෑ ඉගිල්ලෙන මාළුවෝ සිනමාපටය Director’s Cut ලෙසින් නැරඹීමට මෙරට නියම සිනමා රසිකයින්ට අවස්ථාව දැන් උදාවී තිබේ. ඉගිල්ලෙන මාළුවෝ වැඩිහිටියන්ට පමණක් සීමාවු චිත්‍රපටයකි.

advertistmentadvertistment
advertistmentadvertistment