උද්ඝෝෂණයේදී ටයර් පිළිස්සීමෙන් බගවන්තලාවේ කාපට් පාරට හානි

157

ජීවන වියදම සහ ඉන්ධන මිල ඉහළ යෑම, ගෑස් හිඟය සහ විදුලි කප්පාදුවට එරෙහිව වතු කම්කරුවන් පිරිසක් බගවන්තලාව නගර මධ්‍යයේදී ටයර් පුළුස්සා සිදු කරන ලද උද්ඝෝෂණය හේතුවෙන් අලුතින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන ලද බගවන්තලාව නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගයේ කොටසකට හානි සිදු වී ඇති බව නොර්වුඩ් ප්‍රාදේශීය සභාව පැවසීය.

විශාල මුදලක් වැයකර වසරකට පමණ ප්‍රථම කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන ලද එම මාර්ගයේ ටයර් පිළිස්සීම නිසා කාපට් උණුවී එම ස්ථාන කඩතොළු වී කාපට් ගැලවී ගොස් ඇති බව ප්‍රාදේශීය සභාව කියා සිටී.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment