උපකාරක පංතියට ගිය යාපනයේ උසස් පෙළ සිසුවිය අතුරුදන්

101

දෙමාපියන්ගෙන් පොලිසියට පැමිණිලි

කිළිනොච්චිය විනයාගපුරම් විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබන 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් උපකාරක පන්තියකට ගොස් මෙතෙක් ආපසු නිවසට නොපැමිණි බවට දැරියගේ දෙමව්පියන් විසින් කිලිනොච්චිය පොලිසියට පැමිණිල්ලක් කොට තිබේ.

පුවනේෂ්වරන් ආති නමැති මැය උපකාරක පන්තියට එදින සහභාගි වී නොමැති බව දැනට සිදු කෙරුණු මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර අතුරුදන් වූ දැරිය මඟතොටේදී කවරෙකුටවත් හමුවීද නොමැත.

මෙසේ අතුරුදන්ව ඇත්තේ කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ 2023 (කලා) උසස් පන්තියේ ඉගෙනුම ලබමින් සිටින ශිෂ්‍යාවකි.

පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් කීප දෙනෙකුගෙන්ම මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment