උපාධිධාරීහු 68 ක් දකුණේ පාසල්වල සනීපාරක්‍ෂක කම්කරු රැකියාවේ!

189

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වන පාසල්වල සනීපාරක්‍ෂක කම්කරුවන් ලෙස උපාධිධාරීන් 68 දෙනෙකු සේවය කරන බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

දැනට වසර ගණනාවක සිට මෙම උපාධිධාරීන් 68 දෙනා පාසල්වල සනීපාරක්‍ෂක කම්කරු තනතුරට අදාළ සේවාවල නිරතව සිටින බව ද මේ පිළිබඳ තමන් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා දැනුවත් කිරීමට පියවර ගත් බව ද අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටී.

ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත මෙකී උපාධිධාරීන්ගේ පත්වීමේ ලිපියේ සඳහන් සනීපාරක්‍ෂක කම්කරු තනතුර වෙනස්කොට ඔවුන් පාසල්වල පුස්තකාල සහායක හා රසායනාගාර සහායක යන තනතුරු සඳහා පත්කිරීමට කටයුතු කරන බව ද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි. එම උපාධිධාරීන් 68 දෙනා සඳහා ඊට අදාළ පත්වීම් ඊයේ (23දා) ලබාදීමට නියමිතව තිබූ බව ද රංජිත් යාපා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලලිත් චාමින්ද සහ එස් කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment