එස්ටීඑෆ් උප පොලිස් පරීක්‍ෂක කුඩු චෝදනාවෙන් නිදහස්

341

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වූ කුඩු ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්‍ෂක කේ. ඒ. පේ‍්‍රමලාල් මහතා අධිකරණය මගින් නිදහස් කර ඇත.

මෙම සිද්ධියට ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඒ පිළිබ`ද මාධ්‍ය මගින් පුළුල් ප‍්‍රචාරයක් සිදුවුණු අතර ඒ හේතුවෙන් ඔහුගේ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන්ටද දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවිය.

පේ‍්‍රමලාල් මහතා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රැුඳවුම් නියෝග යටතේ දීර්ඝ විමර්ශනයක් සිදු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට කරුණු නොමැති බව අනාවරණය වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අධිකරණය මගින් පේ‍්‍රමලාල් මහතා නිදහස් කර ඇත්තේ ඒ අනුවය. පොලිස් විශේෂ කාර්යා බළකායේ රාජකාරි කරන සමයේ එක් වසරක් තුළ මත් කුඩු කිලෝ දහසකට ආසන්න ප‍්‍රමාණයක් සහ කොකේන්, අයිස් ඇතුළු මත් ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගනිමින් පාතාලයට සහ මත් ජාවාරමට එරෙහිව මෙහෙයුම් රැසක් සිදු කළ පේ‍්‍රමලාල් මහතා ජනාධිපති පොලිස් වීරතා පදක්කමෙන්ද පිදුම් ලැබූ නිලධාරියෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment