එළවළු මිල අහසේ….පෑලියගොඩ මැනිං පාළු වේ

403

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ඊයේ (20 දා) ඉතා ඉහළ අගයක් ගත් බව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ මැනිං එක්සත් ප්‍රගතිශීලී සංගමයේ සභාපති ප්‍රියන්ත විජේසුන්දර මහතා ‘දිවයින’ ට පැවසීය.

කෙසේ වෙතත්, කෙසෙල් ඇතුළු පලතුරුවල මිල පහත බැස ඇතැයි හෙතෙම කීය.

ඊයේ කැරට් තොග කිලෝවක් රුපියල් 300 කට ද, බීට් කිලෝවක් රුපියල් 200 කට ද, බෝංචි කිලෝවක් රුපියල් 400 කට ද, මාළු මිරිස් කිලෝවක් රුපියල් 300 කට ද, වම්බටු කිලෝවක් රුපියල් 200 කට ද, අමු මිරිස් කිලෝවක් රුපියල් 700 කට ද, පතෝල කිලෝවක් රුපියල් 250 කට ද, වට්ටක්කා කිලෝවක් රුපියල් 100 කට ද, පිපික්‍ඳ්ඤා කිලෝවක් රුපියල් 100 කට ද, කැකිරි කිලෝවක් රුපියල් 120 කට ද අලෙවි කෙරුණු බව හෙතෙම කීය.

එසේම කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක් රුපියල් 300 කට ද, සීනි කෙසෙල් කිලෝවක් රුපියල් 50 කට ද, ඇඹුල් කෙසෙල් කිලෝවක් රුපියල් 100 කට ද, අඹ කිලෝවක් රුපියල් 250 කට ද, කොමඩු ගෙඩියක් රුපියල් 150 කට ද, ගස්ලබු ගෙඩියක් රුපියල් 150 කට ද අලෙවි කෙරුණු බව ඒ මහතා කියා සිටියේය.

පලතුරු මිලදී ගැනීමට එන පාරිභෝගික ජනතාවගේ ඉතා අඩුවක් දක්නට ලැබුණු බව ද හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment