ඔක්තෝබරයේ අස්වැසුම ගෙවන්න රු. මිලියන 8,775ක් බැංකුවලට

72

අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1,406,932ක් සඳහා ඔත්කෝබර් මාසය වෙනුවෙන් අවශ්‍ය රුපියල් මිලියන 8,775ක මුදල බැංකු වෙත ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව අදාළ මුදල් අද (05) සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කෙරෙනු ඇත. මේ අනුව සංක්‍රාන්තික කාණ්ඩය යටතේ පවුල් 209,225කට, අවදානමට ලක් වූ කාණ්ඩය යටතේ පවුල් 290,070කට, දිළිඳු කාණ්ඩය යටතේ පවුල් 605,379කට සහ අන්ත දිළිඳු කාණ්ඩය යටතේ පවුල් 302,258කට මෙවර ප්‍රතිලාභ හිමි වන බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරා ගන්නා ප්‍රතිලාභීන්ට ජූලි මාසයේ සිට හිමි විය යුතු ප්‍රතිලාභ මුදල් ගෙවීමට කටයුතු කරන බව ද ඇමති සේමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment