ඔස්ටි්‍රයාවේ වොල්කර් ටර්ක් ජිනීවා නව මානව හිමිකම් කොමසාරිස් ධුරයට

191

ජිනීවා නව මානව හිමිකම් කොමසාරිස් ලෙස ඔස්ටි්‍රයා තානාපති නිලධාරියකු වූ වොල්කර් ටර්ක් පත්කර ඇත. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයේ සේවය කළ ටර්ක් පත්කර ඇත්තේ මහ ලේකම් අන්තෝනියෝ ගුටාරෙස් විසිනි. මානව හිමිකම් කොමසාරිස් ධුරය සඳහා තවත් දෙදෙනකුගේ නම් ඉදිරිපත්වී තිබුණත් මහ ලේකම් ගුටාරෙස් විසින් වොල්කර් ටර්ක්ව පත්කර තිබේ.

ඔහු මෙයට පෙර සංක්‍රමණිකයන් පිළිබඳ කාර්යාලයේදී කොංගෝ සහ බොස්නියා යන රටවලද සේවය කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment