කලබලවලින් නිවාස අහිමිවූ මන්ත්‍රීන්ට හෝකන්දරින් ගෙවල්

125

පසුගිය දිනවලදී ඇතිවූ කලහකාරී සිද්ධීන්වලින් නිවාස ගිනිතබා විනාශ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හෝකන්දර නිවාස ව්‍යාපෘතියක ඉදිකළ නිවාස ලබාදීමට රජයේ අවධානය යොමුවී තිබේ.

බත්තරමුල්ල මාදිවෙල මන්ත්‍රී නිවාසවල රැඳී සිටින මන්ත්‍රීවරුන්ගේ නිවාස අලුත්වැඩියා කරන තෙක් හෝකන්දර නිවාස ව්‍යාපෘතියේ නිවාස කිහිපයක් ලබාදීමට කටයුතු කරමින් සිටියත් ගිනිතැබීම් නිසා නිවාස අහිමිවූ මන්ත්‍රීවරුන්ද තමන්ට නිවාස ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගෙන ඔවුන්ට නිවාස ලබාදීමට අවධානය යොමුවී ඇත. ගිනිතැබීම් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 74 දෙනකුට නිවාස අහිමිවී ඇති අතර ඉන් නිවාස ඉල්ලුම්කළ පිරිසට පමණක් හෝකන්දර නිවාස ලබාදීමට අදහස් කර ඇතැයි නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවැසීය. මෙම නිවාස මන්ත්‍රීවරුන්ට ලබාදීමට තීරණය කළද මේවා ඉදිකළේ වෘත්තිකයන්ට යැයි 43 වන සේනාංකයේ සාමාජික සුමේද රත්නායක මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment