කැනඩාවේ පාසල් අසල සැක කටයුතු ලෙස සිටි අයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

632

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පාසල් තුනක් අසල පෙරේදා (26දා) දිනයේ සැක කටයුතු ලෙස ගිනි අවියක් රැගෙන සැරි සැරූ පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් විසින් තැබූ වෙඩි පහරකින් මිය ගොස් තිබේ.

මිය ගිය තැනැත්තා පෙරේදා දිනයේ ටොරොන්ටෝ නගරයේ ස්කාර්බොරෝ ප්‍රදේශයේ පිහිටි පාසල් තුනක් ඉදිරිපිට සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටීම නිසා එම පුද්ගලයා ඉදිරියට ගිය පොලිස් නිලධාරීන් විසින් ඔහුත් සමග බහින් බස් වීමක් ඇති කරගෙන ඇති අතර එය දුරදිග යෑමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් සැක කටයුතු පුද්ගලයාට පහර දී පසුව වෙඩි තබා ඇති බව හෙළි වී තිබේ. වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයා මිය ගොස් ඇති අතර හටගෙන ඇති තත්ත්වය මත ටෙක්සාස් ප්‍රාන්තයේ සිදු වූ සිදුවීම පාදක කරගෙන ප්‍රදේශයේ පිහිටි පාසල් හතරක් ආරක්ෂක හේතුන් මත වසා දැමීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment