කිඹුලාවල වීදි ආහාර වෙළෙඳ සැල් පාර්ලිමේන්තුවේ රැව්දේ

398


මහා මාර්ග ආශ්‍රිතව දැනට ක්‍රියාත්මක වීදි ආහාර වෙළෙඳ සැල් සියල්ල නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ඒවා නිසි ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.ඇමැතිවරයා මේ බව පැවසූවේ කිඹුලාවල වීදි ආහාර වෙළෙඳ සැල් ඉවත් කිරීමට පියවර ගන්නේ දැයි සමගි ජන බල පක්ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී ඇමැතිවරයාගෙන් විමසූ අවස්ථාවේදීය.මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය දී ඇති බවත් මෙවැනි වීදි ආහාර වෙළෙඳසැල් සිංගපූරුව,ජපානය වැනි රටවල ජනප්‍රිය වෙළෙඳ සංස්කෘතියක් බවත් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා එහිදී පැවසීය.මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රි විමල් වීරවංශ මහතා රටේ පවතින ආර්ථික තත්ත්වය මත විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය වී ඇති මෙවැනි වෙළෙඳ සැල් ඉවත් කිරීමට පියවර ගැනීම හෙන ගහන අපරාධයක් බව කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment