කුණු මාළු රට වටේ යවන සැලසුමක්

157

මීට සති කීපයකට උඩදී කොළඹ වරාය මුහුදු කලාපයේදී කාර්මික දෝෂයකට ලක්වී තිබූ නැවේ තිබූ කුණුමාළු කන්ටේනර් 98ක මාළු තොග රට වටේ සිටින කරවල ව්‍යාපාරිකයන් වෙත රැගෙන යෑමේ සැලැස්මක් තිබෙන බව පොලිස් විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබී තිබේ.

මේ අතර උතුරු මැද, වයඹ, දකුණු මෙන්ම නැගෙනහිර යන පළාත් ඉලක්කරගෙන මෙම කුණුමාළු තොග ඉතා අඩුමිලට විකිණීමට සැලසුම් කර තිබෙන බවට සැකපහළ වන බවද පොලිසිය කියයි.

මෙම කුණුමාළු අඩංගු ලොරි දෙකක් මීගමුව සහ සීදුව යන පළාත්වලින් සොයා ගැනීමෙන් පසු මෙම තොරතුරු අනාවරණය වී ඇත.

කොච්චිකඩේ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍රීනි ජයකොඩි මහතා කීවේ මෙම කුණුමාළු තවමත් වෙළෙඳුන් අතට හෝ ටින් මාළු සහ කරවල ව්‍යාපරිකයන් අතට පත්වී නැති බවය.

කුණුමාළු අඩංගුවී තිබූ නැවෙන් ලබාගත් මාළු කන්ටේනර් 98ක ප්‍රමාණයකින් කන්ටේනර් 14ක් මීට සති කීපයකට උඩදී පොලිස් භාරයට පත්වී තිබිණි.

එම කුණුමාළු පොහොර නිෂ්පාදනය සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයට ලබාදීමට වගකිවයුතු පුද්ගලයන් පොරොන්දු වී ඇතත් එය මේ වනතෙක් ඉටුවී නැත.

කෙසේ වෙතත් මෙම කුණුමාළු තොග පිළිබඳව පොලිසිය දැඩි සෝදිසියෙන් පසුවෙයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment