කොත්තමල්ලි: ඉන්දියානු සූපවේදයේ ඔටුනු නොපලන් වීරයා

376

ඕනෑම ඉන්දියානු කුළුබඩු පෙට්ටියක් තුළට එබී බැලුවහොත් බොහෝ හොදි වර්ග, පියළි ධාන්‍ය හෝ එළවළු ආහාරවලට පදම සපයන, කුළුබඩු ලෝකයේ ශුද්ධ වූ ත්‍රිත්වය – එනම්, කහ කුඩු, මිරිස් කුඩු සහ කොත්තමල්ලි කුඩු (බොහෝවිට දුරු සමග මිශ්‍ර කළ) – ඔබට හමුවනු ඇත.

කහ කුඩෙහි වන සිත් ඇදගන්නා සුළු කහ වර්ණය හෝ, ඉන්දියාවට සුවිශේෂී රත්-සැර රසයන් (මිරිස් කුඩු වැනි) හෝ නොතිබුණත්, ඇතැම්විට කුළුබඩුවලින් ඉතාමත්ම ‘බහුකාර්ය’ කුළුබඩුව වනු ඇත්තේ (ඉන්දියාවේ දී ‘ධනියා’ හෝ ‘කොත්මීර්’ ලෙස හැඳින්වෙන) කොත්තමල්ලි යි. එහි රළුවට ඇඹරූ ඇටවලින් බොහෝ වැංජනයන්ට උණුසුම්, රසක් ලබාදෙන අතර, සිහින්ව කුඩු කළ කොත්තමල්ලි වෑංජන උකු කිරීම සඳහා භාවිතා කළ හැකි ය. සුවඳ පලා වර්ගයක් වශයෙන් යොදාගැනෙන එහි නටු සහ පත්‍රයන් වැංජන සඳහා සුගන්ධවත් සහ කටුක රසැති නිමාවක් ලබාදෙයි.

කොත්තමල්ලි ඉන්දියානු ඉවුම්පිහුම් සඳහා කොතරම් හුරුපුරුදු ද යත්, එළවළු කරත්ත වෙළෙන්දෝ නැවුම් කොත්තමල්ලි කොළ මිටක් (මෙන්ම අමු මිරිස් අහුරක් ද) සතුටු සිතින් යුතුව ගැනුම්කරුවන්ගේ එළවළු මළුවලට දමයි. නිතර පැහැපත්ව දක්නට ලැබීමෙන් එය ඉන්දියානු සූප ශාස්ත්‍රයේ වීරයෙකු – ප්‍රශංසා නොලැබූ වීරයෙකු – බවට පත් කරනු ලැබ තිබේ.

එනමුත්, ලෝකයේ තවත් කොණෙක, කොත්තමල්ලි කොළ සහ නටු කෙරෙහි ඇත්තේ දැඩි අකමැත්තකි. ඒ සඳහාම වෙන්වුණු සමාජ මාධ්‍ය ඔස්සේ පෙළගැසුණු කණ්ඩායම් එයට කඩිසරව ගරහන අතර, පෙබරවාරි 24 වැනිදාට ජාත්‍යන්තර දිනයක් සමරමින් ‘මම කොත්තමල්ලිවලට වෛර කරනවා’ යනුවෙන් තමන්ගේ අප්‍රසාදය වාර්ෂිකව සිහිපත් කරති. කොත්තමල්ලි අගය කරන්නන් එය නැවුම්, සුවඳවත්, සහ පැඟිරි වැනි රසක් ඇති යමක් ලෙස විස්තර කරතත් එයට වෛර කරන්නන් එය සබන්, පස්, හෝ කුරුමිණි වැනි රසක් ඇති යමක් ලෙස විස්තර කරන්නේ, කොත්තමල්ලි කොළවල ඇති තියුණු ගන්ධය නිසා ලැබුණු ‘කොරියැන්ඩර්’ (කොත්තමල්ලිවල ඉංග්‍රීසි නාමය) යන නාමය පැමිණෙන්නේ ග්‍රීක බසේ ‘කොරිස්’ (ඇඳ මකුණා) යන වදනින්යැ යි උපුටා දක්වමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment