කොමර්ෂල් බැංකුවට කොළඹ වරාය නගරයේ මෙහෙයුම් සඳහා බලපත්‍රයක්

32
කොමර්ෂල් බැංකුව වෙත බලයලත් ආයතනයක් (AP) බලපත්‍රය පිරිනැමීමේ අවස්ථාවේදී කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා, කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ඒ. කේ. ඩබ්ලිව්. ජයවර්ධන මහතා, කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ කොළඹ වරාය නගරයේ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (CHEC‍) සහකාර කළමණාකාර අධ්‍යක්‍ෂ එරික් ඕයූ මහතා මෙම සේයාරුවෙන් දැක්වෙයි.

මෙරට ආර්ථික දර්ශනය පරිවර්තනය කරන ප්‍රමුඛ ජාත්‍යන්තර බහු මුදල් ඒකක භාවිතා වන ව්‍යාපාරික සහ මූල්‍ය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගත් කොළඹ වරාය නගරය තුළ එතෙර බැංකු සේවා කටයුතු සිදු කිරීමට කොමර්ෂල් බැංකුව වෙත පසුගියදා බලයලත් ආයතනයක් (AP) ලෙස බලපත්‍රය ප්‍රදානය කරනු ලැබීය.

ආයෝජකයන්ට මෙන්ම ගනුදෙනුකරුවන්ටත් බැංකු සේවා සපයමින් කොළඹ වරාය නගරය තුළ හා ඉන් පිටතට සේවා ලබා දීම සඳහා කොමර්ෂල් බැංකුවට අවස්ථාව ලබා දෙමින් මෙම AP බලපත්‍රය කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව විසින් බැංකුව වෙත පිරිනමන ලදී.

විශේෂ ආර්ථික කලාපයේ මෙහෙයුම් සිදු කිරීම සඳහා බලපත්‍ර ලබා ගත් ප්‍රථම බැංකු අතරින් එකක් ලෙස තේරීපත් වීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවැසීය: “කොළඹ වරාය නගරය තුළ තම පැවැත්ම තහවුරු කරගැනීමට බලාපොරොත්තු වන ආයතන වල මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සුදුසුම ආකාරයෙන් ස්ථානගත වී ඇත. අප සතුව ආයතනික හා ජාත්‍යන්තර සේවාදායකයින්ගේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමෙහි පුළුල් අත්දැකීම් හා ආයතනික හා පාරිභෝගික බැංකුකරණ අවශ්‍යතා ඉටුකිරීම සඳහා ඉතාමත් උසස් තත්වයේ ඩිජිටල් බැංකුකරණ වේදිකා පවතින අතර අපි කොළඹ වරාය නගරයේ වර්ධනයට උරදීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ද බලාපොරොත්තු වෙමු.”

advertistmentadvertistment
advertistmentadvertistment