චමරිට බිග් බෑෂ් ලීග් අවස්ථාව උදා වෙයි

614

ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ගිවිසුම්ගත වී ඇත. සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමග එලෙස චමරි ගිවිසුම් ගත වී තිබේ. බිග් බෑෂ් ලීග් කාන්තා තරගාවලිය වෙනුවෙන් වූ ක්‍රීඩිකාවන් කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී ඇයව කිසිදු කණ්ඩායමක් විසින් තෝරා නොගෙන තිබුණි.

එහෙත් පසුව චමරිට එම අවස්ථාව උදා වී තිබේ.

චමරි මීට පෙර බිග් බෑෂ් තරගවාර 4 ක් සඳහා පර්ත් ස්කෝචර්ස් හා මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇත. බිග් බෑෂ් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ලබන 22 වැනිදා සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment