ජනකට ගැලරිය නැති වුණත් රත්‍රං සමග හසුවූ මන්ත්‍රී පාර්ලිමේන්තුත් ඇවිත් – සජිත්

109

ජනක රත්නායකට පාර්ලිමේන්තු ගැලරිය තහනම් වී ඇති නමුත් හොරෙන් රත්‍රං ගෙනවිත් අසුවූ මන්ත්‍රීවරයා දඩ ගෙවා එක් දිනකින් පාර්ලිමේන්තුවට පැමිණීමට හැකිවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමාට එරෙහිව විවාද වන යෝජනාව නැරඹීමට ජනක රත්නායකට අවස්ථාව දිය යුතු වුවත් ගැලරිය වසා ඇති බව පවසමින් ඊට ඉඩදී නැති බව ද විපක්ෂ නායකවරයා කීය.

එහෙත් හොරෙන් රත්‍රං භාණ්ඩ ගෙන්වා ප්‍රභූ පර්යන්තයෙන් පැමිණි මන්ත්‍රීවරයකුට දඩ මුදල් ගෙවා අද විවාදයටත් එන්න පුළුවන් වෙලා. ‘මේකද සිස්ටම් චේන්ජ් එක’ යැයිද හෙතෙම කියා සිටියේය.
රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment