ජනතාවට බර පටවා ආණ්ඩුව ගජමිතුරන් පිනවනවා – ජී. එල්. පීරිස්

54

ඉන්ධන, ගෑස්, විදුලි බිල් ඉහළ යෑමෙන් සාමාන්‍ය ජනතාව ජීවමාන ඇටසැකිලි බවට පත්ව ඇතැයි නිදහස් ජනතා සභාවේ සාමාජික මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (02 දා) පැවසීය.

මෙම රජය තුළ වංචා, දූෂණ, අයුක්තිය, අසාධාරණය රජකරන බව නිදහස් ජනතා සභා කාර්යාලයේ ඊයේ (2 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසීය.

අපේක්‍ෂිත බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූ නිසා අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය අත්හිටුවීමට තීරණය කළ බව අයි. එම්. එෆ්.නියෝජිතයන් ප්‍රකාශ කළ බවත් මෙම ආණ්ඩුව තෝරාගත් සීමිත පිරිසකට බදු විරාම, බදු එකතු නොකිරීම වැනි දේවල් ලබාදී ගජමිතුරන් සතුටු කළ බවත් ඒ මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවන වංචා දූෂණ ෂඵත්‍ නියෝජිතයන් ඇස්පණාපිට දැකගත් බවත් එය ප්‍රසම්පාදන කටයුතු යන වංචා, දූෂණවල උල්පත බවත් පැවසූ ජී.එල්. පීරිස් මහතා මෙම රජය මාස 10 ක් වැනි කාලයක් තුළ තමන්ගේ සාක්කු තරකර ගැනීමේ ක්‍රියාවක නිරත වී තිබෙන බව ද අවධාරණය කළේය.

ජනමතයක් නොමැති ආණ්ඩුවක් සමග IMF ක්‍රියාවලියේ ඉදිරි පැවැත්මක් නොමැති බවත් IMF දෙවැනි වාරිකය අත්හිටුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත් කී ජී.එල්. පීරිස් මහතා ලබන වසරේ පත්වෙන නව ආණ්ඩුවක් විසින් IMF සමග නැවත සාකච්ඡා පවත්වන බවත් මහජනතාවට අහිතකර යෝජනා ඉවත් කරන බවත් කියා සිටියේය. ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව පැවසූ ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා මහ බැංකු අධිපතිවරයා දෙවතාවක් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරන බවට ප්‍රකාශ කළ නමුත් අද කරන්නේ ඊට හාත්පසින් විරුද්ධ දෙයක් බවත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment