ජනපතිගේ ආරාධනය පිළිගන්නවා – සජිත් ප්‍රේමදාස

344

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වීමට ජාතික ජන බලවේගය සූදානම් නැතැයි එම බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (03 වැනිදා) සඳහන් කළේය.

ජනාධිපතිවරයා යෝජනා කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොව ඔහුගේ සහ රාජපක්ෂලාගේ නායකත්වයෙන් ගොඩනැගෙන ආණ්ඩුවක් සඳහා අනෙක් පක්ෂවල සහාය ලබා ගැනීම පමණක් යැයි ද දිසානායක මහතා පැවසීය.

එකී ආණ්ඩුව සඳහා නිශ්චිත කාල වකවානුවක් නොමැති බවත් එවන් තත්ත්වයක් තුළ එවැනි කටයුත්තක් සඳහා එක්වීම සිදුකළ නොහැකි බවත් ඔහු කීවේය.

ආණ්ඩුව කළ යුත්තේ මහානායක හිමිවරුන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්වයන් රැසක් යෝජනා කළ කෙටි කාලයක් සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම යැයි ද දිසානායක මහතා සඳහන් කළේය.

එසේ වුවත් රටේ පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රනිල් – රාජපක්ෂ ආණ්ඩුව කෙටිකාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් ඒ වැඩපිළිවෙළ ඇති සාධනීය කරුණු මත පදනම්ව දායකත්වයක් ලබාදීම කෙරෙහි සලකා බැලිය හැකි බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

අනුර කුමාර දිසානායක මහතා ඊයේ (03 වැනිදා) එම අදහස් පළකළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment