ජලභීතිකාවෙන් මිදී සුනඛ හෝ බළල් පැටවකුට රැකවරණය දෙන අයුරු

380

අපි කවුරුත් බලූ පැටවකු හෝ පූස් පැටවකු දුටු විට ආපසු හැරී බැලීමට සංවේදී වෙන්නෙමු. නමුත් දුවේ පුතේ නොදන්නා පැටවකු ළ`ගට ගොස් කිසිම විටෙක දුටු සැනින්ම අතට ගන්නට පෙළඹෙන්න එපා. මේ පැටවුන්ගේ මවු සතා හෝ අවට සිටින සුනඛයන් අපට අනතුරු කිරීමට පසුබට නොවේ. මන්ද යත් පැටවුන්ව ඔවුන් ආරක්ෂා කරන බැවිනි. ඔබ අවට හෝ පාසල අසල, මාර්ගය අසල සිටින නිදැල්ලේ ගැවසෙන සත්වයන්ගේ විශ්වාසය තහවුරු කළ යුතුයි. එම මවු සතාට කෑම ටිකක් ලබා දීමට හෝ ආදරයෙන් කතා කර උත්සාහ කරන්න. එම සතාගේ විශ්වාසය තහවුරු කර ගැනීම වැදගත් වේ. ඇය වටා සිටින පැටවුන් හට සුළු ආහාර හෝ කිරි ටිකක් ලබාදීමට උත්සාහ කරන්න. ඉන් පසුව ඔබට ඔවුන් හා මිත‍්‍ර විය හැකිය. පැටවකු වඩා ගන්නා සෑම විට හැකි නම් අත්වැසුම් පාවිච්චි කරන්න. ඔබගේ නිරාවරණය වූ ඇගිලි පැටවුන්ට සැපීමට හෝ ලෙව කෑමට ඉඩ නොදෙන ලෙස වගබලා ගැනීම වැදගත් වේ.
 
 ජලභීතිකා වෛරසය පරිසරයට මුදාහැරීම සිදුවන්නේ ආසාදිත ඛේඨය මගිනි. ඕනෑම ක්ෂීරපායි සත්වයකුට ජලභීතිකා රෝගය වැළ`දිය හැකිය. ආසාදිත සත්වයකුගෙන් මිනිසාට හෝ වෙනත් ක්ෂීරපායි සත්වයකුට ජලභීතිකා වෛරස ආසාදනය වන්නේ එම සත්වයාගේ ආසාදිත ඛේඨය අනෙක් සත්වයන්ගේ ශරීරයට ඇතුළු වීමෙනි. මෙය සපා කෑම මගින් හෝ අප සමේ නිරාවරණය වූ තුවාලයකින්, සම මතුපිට හානිවූ ස්ථානයකින් ශරීරගත වුවහොත් පමණි. මෙවැනි අවස්ථාවක දී සපා කෑමට ලක් වූ ස්ථානය හෝ කෙළ තැවරුණු නිරාවරණය වූ සම හොඳින් සබන් හෝ විෂබීජ නාශකයක් යොදා ගලා යන ජලයෙන් (උදා – කරාමයෙන් වෑහෙන ජලයෙන්) විනාඩි 10-15ක් පමණ සෝදා හැරිය යුතුය. ඉන් පසුව ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න. සපා කෑ සත්වයා පිළිබ`දව විමසිලිමත් වීමට අවට සිටින පිරිසගේ සහාය ලබා ගන්න. මන්ද යත් සත්වයා දින 10-14ත් ඇතුළත ජීවිතක්ෂයට පත් වුවහොත් එම සත්වයාගේ මොළයේ කොටස් පරීක්ෂණ ස`දහා බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබා දීමට කටයුතු කළ හැකිය. මෙම නියැදි පැය 24 පුරා භාර ගනු ලැබේ.
 
 සුනඛයන් පාරේ දුටු විට හෝ නිවස අසල සිටින විට එම සතුනට හිරිහැරයක් කිරීමෙන් වළකින්න. එවිට සුනඛයාගෙන් අපට හානියක් නැත. අප අවට සිටිනා නිදැල්ලේ ගැවසෙන සත්වයන්ගේ සුභසාධනය ස`දහා බොහොමයක් සංවිධානය තිබේ. මේ සමග සම්බන්ධ වී හෝ ඔබගේ පශු ශල්‍යය වෛද්‍ය සමග එක්වී නිදැල්ලේ ගැවසෙන සත්වයන්ගේ වන්ධ්‍යකරණ සැත්කම කරවා ගන්නට උත්සාහ කරන්න. හැකි සෑම විටම ජලභීතිකා එන්නත ලබා දීමට කටයුතු කරන්න. මහනගර සභා සීමාවල මෙම එන්නත නොමිලේ ලබා දෙනු ලැබේ. මවු සතාගේ එන්නත් විස්තර නොදන්නා විට පැටවාට වයස මාසය පසු වන විටම ජලභීතිකා එන්නත ලබා දීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ. තමන්ගේ නිවසේ ආරක්ෂාව ස`දහා ඇතිකරන සුනඛයා පැටවුන් හෝ ආදරයට ඇති කරන බළලාගේ පැටවුන් බිහි කළ පසු එම පැටවුන් ඉබාගාතයේ යන්නට නොහැර හිතවතුන් හට ලබා දීමට කටයුතු කරන්න. මෙම පැටවුන් පොදු ස්ථානවලට හෝ පාර අද්දරට ගෙන ගොස් නොදමන්න. සුරතල් සතුන් සෑම සය (6) මසකට වරක් පැටවුන් බිහි කරනු ලැබේ. එම නිසා පැටවුන් බිහි කර සති 5 ත් 6 ත් කාලයෙන් පසු වන්ද්‍යකරණ සැත්කම ඔබේ පශු ශල්‍ය වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි සිදු කිරීමට කටයුතු කිරීම සුදුසු වේ. (වන්ද්‍යකරණ සැත්කම වෙනුවට උපත් පාලන එන්නත ලබාදීමෙන් හැකි තරම් වළකින්න. මෙයින් ඔබගේ සුරතලාගේ ගර්භාෂයේ සංකූලතා ඇති විය හැකිය.)
 
 මෙසේ කිරීම මගින් අනවශ්‍ය පැටවුන් බෝවීම වැළැක්විය හැක. නිවසේ ඇති කරන සුනඛ හෝ බළල් සුරතලාට අනිවර්යයෙන්ම ජලභීතිකා එන්නත ලබාදීමට මතක තබා ගන්න.
 
 එමෙන්ම ගෑනු සතුන් වාගේම පිරිමි සතුනට වන්ද්‍යකරණ සැත්කම සිදුකිරීමට හැක. එමගින් පැටවුන් බෝවීම වැළැක්විය හැකිය.
 
 මෙසේ අනවශ්‍ය බෝවීම වැළැක්වීම හා ජලභීතිකා එන්නත ලබාදීමට කටයුතු කිරීමට ඔබගේ ළගම පශු ශල්‍ය වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබාගන්න.
 
 අපි සියලූම දෙනා එක් වී ජලභීතිකා රෝගය ගැන දැනුවත් වී අසරණ සතුන් හට කරුණාව, දයාව දක්වමු.

Surangika Happuarchi
advertistmentadvertistment
advertistmentadvertistment