දමිළ සිනමාවේ වැඩ දාන ලංකාවේ රූ රැජන – සංජීවනී ඇඹුල්දෙණිය

173

ඇය දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රසිද්ධ මේකප් ආටිස්ට් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි” ලංකාවේ දැනට ඉන්න ස්පෙෂල් ඉෆෙක්ට් මේකප් කරන එකම ලිඩ් සීනරි මේකප් ආටිස්ට්. පසුගිය දා පැවැති මිසිස් ඒෂියා ඉන්ටර්නැෂනල් තරඟයේ කිරුළ ඇය අපේ රටට අරගෙන එනවා. අවාසනාවට වගකිවයුතු කවුරුවත් ඒ ගැන සොයාබැලුවේ නැහැ. නමුත් එතැනින් නතර නොවන ඇයගේ ඊළඟ සූදානම මිසිස් යුනිවර්ස් කිරුළත් ලංකාවට ගේන්න. සංජීවනී ඇඹුල්දෙණිය ඒ කතාව මේ විදිහට මීවිතට කිව්වා.

පසුගිය දා පැවැති මිසිස් ඒෂියා ඉන්ටර්නැෂනල් තරඟයේ කිරුළ ඔබ විසින් දිනාගන්නව. අපි මේ ජයග්‍රහණය ගැන කතා කරමු?

මම මිසිස් ඒෂියා” මිසිස් ශ්‍රී ලංකා කිරුළ ජයග්‍රහණය කරල තියෙන නිසා නැෂනල් ඩිරෙක්ටර් මලිත් තමයි මාව මිසිස් ඒෂියා ඉන්ටර්නැෂනල් පැජන්ට් එකට යොමු කළේ. ඔහු මිසිස් ඒෂියා ඉන්ටර්නැෂනල් ඩිරෙක්ටර් සහ මිසිස් යුනිවර්ස් නැෂනල් ඩිරෙක්ටර්. මේ තරඟය පැවැත් වුණේ තායිලන්තයේ. රටවල් විසිහතරක් තරඟයට ඉදිරිපත් වුණා. ලංකාව නියෝජනය කළේ මම. දවස් හතක් පුරාවට මේ තරගයේ විවිධ ඉසව් පැවැත් වුණා. ඒවා අවසානයේ තමයි අවසන් මහා තරඟය පැවැත් වුණේ. එතැනදි මිසිස් එලිගන් කියන ටයිටල් එකත් එක්ක මම ක්‍රවුන් එක වින් කරනව. මම තනිවම ගිහින් තරඟයට ඉදිරිපත් වෙලා මේ කිරුළ අපේ රටට අරගෙන ආවා.

දමිළ සිනමාවේ වැඩ දාන ලංකාවේ රූ රැජන - සංජීවනී ඇඹුල්දෙණිය

මොන වගේ අභියෝගයන්ටද මුහුණ දෙන්න සිදු වුණේ?

ඇත්තටම මේ කිරුළ ජයග්‍රහණය කරල රටට කීර්තියක් ගේන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි වගේම නිහතමානි ආඩම්බරයක් තියෙනව. මොකද එතන ලොකු තරඟයක් තිබුණා. අපේ විතරයි වෙනස් ෆීචර්ස් තිබුණෙ. අනෙක් සියලුම දෙනාගේ ෆීචර්ස් එක හා සමානයි. ඔවුන්ගේ වෙබ්සයිට් එකට ගිහින් බැලුවොත් ඒ බව ඔබට දකින්න ලැබේවි. ඔවුන් මැදට ගිහින් තරඟ කරනවා කියන එක හරි අමාරු දෙයක්. ඔවුන් කතාකරන්නෙ ඔවුනොවුන්ට සමාන භාෂාවක්. බොහෝ දෙනෙක් ඉංග්‍රිසි කතාකරන්නෙ නැහැ. එහෙම වෙනකොට ඔවුන් සමග සන්නිවේදනය බොහෝ අපහසු වෙනව. මේ වගේ බාධක මැද තමයි තරග කරල කිරුළ අපේ රටට ගෙනාවෙ.

දමිළ සිනමාවේ වැඩ දාන ලංකාවේ රූ රැජන - සංජීවනී ඇඹුල්දෙණිය

ලංකාවෙන් ලැබුණෙ මොන වගේ සහයෝගයක් ද?

ඇත්තටම කිව්වොත් තරඟය සඳහා ලංකාවෙන් පිටත් වෙලා යන මොහොත දක්වාම කිසිම සහයක් මට ලැබුණෙ නැහැ. කිරුළ අරගෙන ආවත් මේ වනතුරු වගකිවයුතු කිසිම තැනකින් ඒ ගැන සොයාබැලීමක්වත් කළේ නැහැ. මගේ පුද්ගලික දැනහැඳුනුම්කම් නිසා තමයි මාධ්‍යයෙන් මට උදව් කළේ.

අපේ රටේ දේවල් ජාත්‍යන්තරයට ගෙනියන්න ඔබ මොන වගේ දේවල්ද අනුගමනය කළේ?

මේ වගේ ජාත්‍යන්තර තරඟයකට සහභාගි වෙනකොට මගේ පුද්ගලික නමින් නෙමෙයි මම පෙනී සිටින්නෙ. ශ්‍රී ලංකා කියන නමින්. මම තරඟවැදුන දවස් හතේදිම ඔවුන් කතා කළේ මිස් ශ්‍රී ලංකා කියල. මොකද මම නියෝජනය කරන්නෙ රටක් නිසා. එතන එක අයිටම් එකක් තියෙනව නැෂනල් කොස්ටියුම් කියල. මේ කොස්ටියුම් එක මට හදල දුන්නෙ ආකාශ් පරණවිතාන. එතනදි මගේ තීම් එක වුණේ රාවණා. ටැලන්ට් රවුඩ් එකේ කොරියෝග්‍රැෆි සඳහා මට උදව් කළේ සී. ජේ. ශාන්.

සංජීවනීගේ වෘත්තිය?

මම වෘත්තියෙන් Makeup artist” Hair dressers” Prosthetic makeup ආටිස්ට් කෙනෙක්. ඊට අමතරව personal trainer and gym instructor කෙනෙක්. ඒ වගේම ටීවී කොමර්ෂල්වල වැඩකරනව. විශේෂයෙන්ම කියන්න ඕනා මගේ තාත්තා සංජීව ඇඹුල්දෙණිය කියන්නෙ මේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. ඔහුගේ අඩිපාරේ තමයි මම මේ ක්‍ෂේත්‍රයට එන්නෙ.

ඔබ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට සඳහාත් මේකප් ආටිස්ට් කෙනෙක් හැටියට දායක වෙනවාද?

නැහැ” මම දැනට ලංකාවේ ටීවී කොමර්ෂල්වල තමයි කටයුතු කරන්නෙ. ඊට අමතරව දකුණු ඉන්දීය දමිළ චිත්‍රපටල මේකප් ආටිස්ට් කෙනෙක් හැටියට කටයුතු කරල තියෙනව. කිං රත්නම්ගෙ ‘කෝමාලි කිං. චිත්‍රපටයේ හෙයාර් ඩේ‍රසර් හැටියට කටයුතු කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ වගේම බොලිවුඩ්වල තමන්නා භාටියා එක්කත් මම වැඩකරල තියෙනව.

ඔබ වැඩිපුර වැඩ කරන්නෙ ජාත්‍යන්තරය එක්ක?

එකතැනකට හිරවෙලා වැඩකරනවාට වැඩිය මට වුවමනා වුණේ එළියට එන්න. ඒ අනුව තමයි දකුණු ඉන්දීය සිනමාවත් එක්ක වැඩකරන්න මට අවස්ථාව ලැබෙන්නෙ. ලංකාවේ දැනට ඉන්න ස්පෙෂල් ඉෆෙක්ට් මේකප් කරන එකම ලීඩ් සීනරි මේකප් ආටිස්ට් මම.

ක්‍ෂේත්‍ර කිහිපයකම වැඩකරන ඔබ ඇයි රූ රැජනක් වෙන්න හිතුවෙ?

මේ ක්‍ෂේත්‍රයේ නමක් හදාගෙන අද මම තැනකට ඇවිත් තියෙනව. ඉතින් මම කල්පනා කළා මට තව දෙයක් කරන්න පුළුවන්” ටැලන්ට් එකක් තියෙනව කියල. ඒ අනුව තමයි මම මේ තරඟයට ඉදිරිපත් වෙන්නෙ.

පවුලේ තොරතුරු කිව්වොත්?

මගේ පදිංචිය හෝකන්දර. මට පුතෙක් ඉන්නවා. එයාට දැන් වයස අවුරුදු 24ක් වෙනව.

දකුණු ඉන්දියාවේදී ඔබට ලැබෙන ප්‍රතිචාරය මොන වගේද?

ඇත්තටම කිව්වොත් දකුණු ඉන්දියාවේ ශිල්පීන් එක්ක වැඩකරනකොට ඔවුන් මේකප් එකට වාඩි වෙන්නෙ මගේ කකුල් දෙක අල්ලල වැඳල. ඒ තරමටම මේකප් ආටිස්ට්ලාට ඔවුන් ගරු කරනවා. ඔවුන්ගේ දමිල පත්තරවල මගේ සම්මුඛ සාකච්ඡා පළකරලා තියෙනව” ටීවීවල මගේ වැඩසටහන් විකාශය කරල තියෙනව. දැනට යාපනයේ සිදුකෙරෙන ඔවුන්ගේ රූගතකිරීම් අවසානයේ මාත් සමග සම්මුඛ සාකච්ඡාවලට සූදානමින් ඉන්නවා.

මොකක්ද ඊළඟ පියවර?

මම හිතනව මම දැනට මේ ඉන්න තැන මදි කියල. මට තව ඉදිරියට යන්න පුළුවන්. ඊළඟ පියවර තියන්න සූදානමින් ඉන්නෙ මිසිස් යුනිවර්ස් තරගයේ කිරුළ අපේ රටට අරගෙන එන්න.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment