ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් අද සිට 02 වැනිදා දක්වා

58

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන 51 වැනි පාඨලාශාන්තර කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය අද (27) සිට ලබන මස 2 දා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.

කොළඹ ඩී. එස්. සේනානායක විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මර්කන්ටයිල් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ දී තරගාවලිය පැවැත්වෙයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ සභාපති අතුල විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව ඇවෙන්රා සංචාරක හෝටල් පරිශ්‍රයේදී පසුගියදා පැවති අතර, එහිදී ඒ මහතා පැවසුවේ දැනටමත් ක්‍රීඩකයන් 10,000කගේ සහභාගිත්වයෙන් පළාත් තරග අවසන් කර ඇති බවත්, අවසන් තරග සඳහා දිවයිනේ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1400ක් පමණ සහභාගි වීමට නියමිත බවත්ය.

මේ තරගාවලිය අවුරුදු 13, 15, 17 සහ 19න් පහළ වයස් කාණ්ඩයන්ගෙන් කේවල සහ යුගල ලෙස පැවැත්වෙන අතර, 11න් පහළ තරගාවලිය සියලු දෙනාටම සහභාගි විය හැකිය.

නිල අනුග්‍රාහකයන් ලෙස ලින්ග්මි සහ පෙරේරා ඇන්ඩ් සන්ස් ආයතනය කටයුතු කරන අතර, ඊට අදාළ චෙක්පත් ප්‍රදානය ද මධ්‍ය හමුවේදී සිදු කෙරුණු අතර පාසල් බැඩ්මින්ටන් සංගමයේ තරගාවලි ලේකම් සුමිත් සී. ද සිල්වා සහ තාක්ෂණික නිලධාරී ඩර්වින් ප්‍රියංක මහතාද එක්ව සිටියහ.

අහංගම සුගතපාල දීයගහගේ – වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment