ඩිලාන්ට ගහපු අය සොයන්න පාගොඩ පාරේ සීසීටීවී බලයි

583

ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන ඩිලාන් සේනානායක මහතා පෙරේදා (14 දා) රාත්‍රි නාඳුනන මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්ව කැපුම් තුවාල සහිතව රෝහල් ගතකර ඇත.

නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ඒ මහතාට අයත් ඡායාරූප ශාලාවකට කඩා වැදුණු නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඔහුට පහරදී කපා කොටා තුවාල කර පලාගොස් තිබේ.

මෙහිදී ඒ මහතාගේ දෑත් දෙපාවලට කැපුම් තුවාල හයක් සිදුවී ඇත.

පසුව ඩිලාන් සේනානායක මහතා රෝහල් ගත කිරීමට ඔහුගේ හිතවතුන් පිරිසක් කටයුතු කර තිබේ.

මෙම ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිට ඇති අතර ඔවුන් ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ප්‍රහාරය එල්ල කළේ කවුරුන් විසින්ද යන්න ඊයේ දහවල් වන තුරුත් හෙළිවී නොතිබිණි. පාගොඩ පාර ප්‍රදේශයේ වෙළෙඳ සැල්වල සහ නිවාසවල සීසීටීවී කැමරා පරීක්‍ෂා කිරීමට මිරිහාන පොලිසිය කටයුතු කර තිබේ.

මිරිහාන පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

පසුගිය අරගල සමයේ ප්‍රමුඛ සමාජ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ ඩිලාන් සේනානායක මහතා සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ රටේ පවතින අර්බුධ පිළිබඳව දැඩි විවේචන එල්ල කළ පුද්ගලයෙකි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment