ඩොලර් මිලියන 2.2 ඖෂධ තොගයක් බංගලාදේශයෙන්

140

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 2.2ක ඖෂධ තොගයක් මෙරටට පරිත්‍යාග කිරීම ඊයේ (31දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී බංග්ලාදේශ මහ කොමසාරිස් තරික් එම්. ඩී. අරිෆුල් ස්ලාම් මහතා අතින් සිදු විය.

ඊයේ පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛය හා ජලසම්පාදන අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවී මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

මෙහිදී ප්‍රතිජීවක ඖෂධ, පිළිකා, අධි රුධිර පීඩන, වෛරස අපස්මාර, ඇඳුම ඇතුළු රෝග රැසක් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීම සිදුවිය. විවිධ රෝග සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 79ක් මෙහිදී පරිත්‍යාග කෙරිණි.

ඖෂධ තොගය නිල වශයෙන් භාර ගනිමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදහස් දක්වමින් රටවල් දෙක අතර පවතින සමීප සබඳතාවය සේම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ද ඉහළ සබඳතාවත් ඉතා වැදගත් බැව් පැවසීය.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර වෛද්‍යවරුන්ගේ සිට අනෙකුත් කාර්ය මණ්ඩල දක්වා හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වඩාත් වැදගත් යැයි ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment