ත්‍රස්ත විරෝධී පනතේ තීන්දුව කථානායකට

380

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද අවසන් කර තිබේ.ඒ අනුව එහි රහසිගත තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නිවේදනය කළේය.අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 31ක් ගොනුකර තිබූ අතර ඒවා පුරා දින 06ත් තිස්සේ විභාගයට ගැනුණි.

advertistmentadvertistment
advertistmentadvertistment