ත්‍රීරෝද- ටිපර් අනතුරකින් දැරියෝ දෙදෙනෙක් මරුට

100

හෙට්ටිපොල, දෙමටව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් දැරියන් දෙදෙනකු මියගොස් තිබේ. රාමසාන් අවුරුදු වෙනුවෙන් ඥාති නිවසකට ත්‍රිරෝද රථයකින් ගමන්ගනිද්දී සිදුවූ මෙම අනතුරෙන් වයස අවුරුදු 8ක හා 17ක දැරියන් දෙදෙනකු ජිවිතක්‍ෂයට පත්ව තිබේ.

මොවුන් නාරම්මල පැන්තැනිගොඩ ප්‍රදේශයේ පදිංචි දැරියන් දෙදෙනකු වූ අතර එම ත්‍රිරෝද රථයේ ගමන්ගෙන තිබූ මියගොස් ඇති දැරියන්ගේ මව පියා සහ සොහොයුරෙකු කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබන බවද පෙලිසිය පැවසීය. අනතුර සිදුකර තිබූ බව කියන ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙට්ටිපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත, රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ගුණරත්න යන මහත්වරු ඇතුලු නිලධාරීහු පිරිසක් මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වති.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment