දකුණු කොරියාවෙන් ඩෙල්ටා ප්ලස් ආසාදිතයෝ හමුවෙති

201

ඩෙල්ටා කොරෝනා වෛරස් ප‍්‍රභේදයේ පැතිරීම හේතුවෙන් සිවුවැනි කොරෝනා වසංගත රැුල්ලට මුහුණ පා සිටින දකුණු කොරියාවෙන් නව ”‍ඩෙල්ටා ප්ලස් ”‍ වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූවන් දෙදෙනකු වාර්තා වීමත් සමගම එම වසංගත රැුල්ල තවත් වේගවත් වන ලකුණු පහළ වී ඇති බවට එරට විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබේ. ,ලොව පුරා රටවලට බලවත් තර්ජනයක්ව පවතිනේ ”‍ඩෙල්ටා ”‍ වෛරස් ප‍්‍රභේදයේම බෙදී ගිය නව වෛරස් ප‍්‍රභේදයක් වන ”‍ඩෙල්ටා ප්ලස්”‍ ප‍්‍රභේදය ආසාදනය වුවන්ය. මෙතෙක් ඔවුන් හඳුනාගෙන ඇත්තේ රටවල් කිහිපයකින් පමණකි .

 දකුණු කොරියාවට පෙර ඉන්දියාව ,එංගලන්තය ,පෘතුගාලය ඇතුළු රටවල් කිහිපයකින් පමණක් ඩෙල්ටා ප්ලස් ආසාදිතයන් කිහිපදෙනෙකු හඳුනාගෙන තිබිණි. දකුණු කොරියාවෙන් හඳුනාගැනුණු ඩෙල්ටා ප්ලස් ආසාදිතයන් දෙදෙනාගෙන් එක් අයකු වෙනත් කිසිදු රටක සංචාරය කර නැත. අනෙක් තැනැත්තා ඇමරිකා එක්සත් ජනපදයේ සිට දකුණු කොරියාවට පැමිණි ”‍ඇස්ට‍්‍රාසෙනෙකා ”‍එන්නතෙහි මාත‍්‍රා දෙකම ලබා ගත් විදේශිකයකු බව හෙළි වී තිබේ .දකුණු කොරියාවෙන් දැනට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 64ක් පමණ ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වූ අය බව අනාවරණය වී තිබේ .

සංස්කරණය
 ඒමන්ති මාරඹේ
 

advertistmentadvertistment
advertistmentadvertistment