දිවයිනේ ප්‍රථම වරට කඳුකරයට සංචාරක ඇවිදීමේ ප්‍රවේශ මාර්ගයක්  

1253

යුරෝපා සංගමයේ මුල්‍යමය ආධාර මත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයිනේ ප්‍රථම කඳුකර සංචාරක ඇවිදීමේ ප්‍රවේශ මාර්ග ඉඳි කිරීමට ඌව පළාත් සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පියවරගෙන ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරී සම්පත් නිශ්ශංක මහතා පැවසීය.

ඒ සඳහා යුරෝපා සංගමය මඟින් රුපියල් බිලියන 1.3 මුදලක් වැයකෙරේ. සම්පත් නිශ්ශංක මහතා, ඌව හා මධ්‍යම පළාත සම්බන්ධ කරගනිමින් ඉඳිකරන ඇවිදින ප්‍රවේශ මාර්ගය කිලෝමීටර් තුන්සියයකින්, නැවතුම් ස්ථාන සහ දින විසිදෙකකින් සමන්විතය. ඇවිදීමේ ගමන මහනුවර හන්තාන ප්‍රදේශයෙන් ආරම්භකර පේරාදෙ‚ය, ඇඩම්ස් පීක්, ග්‍රේට් වෙස්ටර්න්, නානුඔය, ඇල්ජින් ඇල්ල, හොස්ටල් ඇල්ල, ශ්‍රීපාදකන්ද, ශාන්ත ක්ලෙයාර් ඇල්ල, සුළංකපොල්ල, පට්ටියපොළ, සමිට් ලෙවල්, ඔහිය බිංගෙය, ඔහිය, ඉදල්ගස්හින්න, වින්ඩ්ස් බ්‍රේක්, හපුතලේ, නායබැද්ද, කිතල්ඇල්ල, ආරුක්කු නවයේ පාලම, ඇල්ල, ඇටම්පිටිය, ඌවපරණගම, උඩුපුස්සැල්ලාව, රාගල සහ නුවරඑළිය දක්වා දින 22 ගමන් කිරීමට නියමිතය. කඳුකරයේ දුම්රිය මාර්ගයට සමාන්තරව ඇති අලංකාර තේ වතු, වනෝද්‍යාන මතින් ඇවිදීමේ ගමන් මාර්ගය ඉඳිකර සංචාරකයින්ට අවශ්‍ය ආහාරපාන හා නේවාසික පහසුකම් ඇතුළු සියලූ පහසුකම් ලබාදීමටත් කටයුතුකර තිබේ.

යුරෝපා සංගමයේ ආධාර මත ක්‍රියාත්මක වන මෙම සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනට යූලීඩ් ආයතනය, සංචාරක අමාත්‍යංශය, ඌව හා මධ්‍යම පළාත් සංචාරක අමාත්‍යංශය, සංචාරක මණ්ඩලය දායකත්වය ලැබේ.

ඇවිදින ප්‍රවේශ මාර්ගය නිරීක්ෂණය කිරීමට ඌව පළාත් සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රධාන විධායක නිලධාරී සම්පත් නිශ්ශංක, යුලීඩ් ආයතනයේ මිග්‍රේල් කුනාඩ්, ඒ.ලිංගනාදන්, විශ්නාදිනී ප්‍රනාන්දු යන පිරිස සමඟ හපුතලේ සංචාරක මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඔහිය සිට හපුතලේ දක්වා සැතපුම් 15 දුරක් පාගමනින් ඇවිද මාර්ගය නිරීක්ෂණ කටයුතු වල නිරත වූහ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment