දුම්රිය ලෙඩේ මරදානෙන්

90

මේ දිනවල දුම්රිය ප්‍රමාදයට හා දුම්රිය ගමන් වාර අවලංගුවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මරදාන දුම්රිය නියාමක කාර්යාලයට අනුයුක්තව සිටි ප්‍රධාන නියාමකවරු හතරදෙනකු හා කොන්ත්‍රාත් පදනම මත සිටි ජ්‍යෙෂ්ඨ නියාමකවරුන් දහහතර දෙනකු එකවර සේවය අවසන් කිරීම යැයි දුම්රිය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

වයස අවුරුදු හැටෙන් විශ්‍රාම ගැන්වීමේ රජයේ තීරණය මත මරදාන දුම්රිය නියාමක කාර්යාලයේ සේවය කළ දුම්රිය නියාමකවරුන් හතරදෙනා විශ්‍රාම ගොස් ඇත. ඔවුන් සිව්දෙනා විශ්‍රාම ගැන්වීමත් සමගම කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින් සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියාමකවරුන් දහහතර දෙනාගේ සේවය නතර කිරීමෙන් මෙම දුම්රිය ප්‍රමාදය හා දුම්රිය ගමන් වාර අවලංගු වන බවද හෙතෙම කීය. වයස අවුරුදු හැට පිරි දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරුවල සිටි සේවකයන් පන්සියයක පමණ පිරිසක් විශ්‍රාම ගොස් ඇත. පිට පළාත්වල දුම්රිය ප්‍රමාදවීම් හෝ අවලංගුවීම් සිදුනොවන බවත් මරදානෙන් ගමන් ආරම්භ කරන දුම්රිය අවලංගු කිරීම නිසා අදාළ ප්‍රමාදයන් හා ගමන් වාර අවලංගු වීම් සිදුවන බවත් එම නිලධාරියා කීය.

මෙම දුම්රිය අවලංගුවීම් වලට තිබෙන එකම හේතුව මරදානෙ දුම්රිය නියාමකවරු හිඟවීම යැයි කී හෙතෙම එම ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් දුන්නොත් ප්‍රශ්නය නිමවන බවද හෙතෙම පැවසීය. පෙරේදා (04දා) දිනයේත් දුම්රිය ගමන් වාර 34ක් අවංලගු වී තිබිණි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment