දෙවුන්දර තුඩුවට චීනය ඇහැ ගහයි: රේඩාර් පද්ධතියක් පිහිටුවීමට යෝජනාවක්!

151

දෙවුන්දර තුඩුව ආශ්‍රිතව රේඩාර් පද්ධතියක් පිහිටුවීම සඳහා චීනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති තිබේ. දෙවුන්දරතුඩුව ආශ්‍රිත කැලෑ ප්‍රදේශයක ඉදිකිරීමට යෝජනා කර ඇති අදාළ රේඩාර් පද්ධතිය චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය විසින් මෙහෙයවීමට නියමිතය.

චීන රේඩාර් පද්ධතිය පිහිටුවීම ගැන ඉකනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත. ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ හැසිරීම සහ ඉන්දියාවේ නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීම එම රේඩාර් පද්ධතිය පිහිටුවීමේ අරමුණ බව එම වාර්තාවේ සඳහන් වේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment