හේමන්තට අයර්ලන්තය සමග වසන්තය!

374

අයර්ලන්තය සමග ලබන 16 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනකුගෙන් යුතු සංචිතය සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත කැඳවා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව මේ වසර මුලදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් දඟ පන්දුවෙන් දස්කම් පෑ දුෂාන් හේමන්ත බීආර්සී ක්‍රීඩා සමාජය නියෝජනය කරන තුන් ඉරියව් දස්කම් ඇති ක්‍රීඩකයෙකි.

ශාන්ත පීතර විද්‍යාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හේමන්ත

ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවිය තුළ තරග 44කදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා තුනක් ඇතුළුව කඩුලු 98ක් දවාගෙන ඇති අතර ‘ඒ’ කාණ්ඩය යටතේ ඔහු තරග 58කදී කඩුලු 64ක් දවාගෙන ඇත. හේමන්තට අමතරව ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය දඟපන්දු යවන්නන් තිදෙනකු ලෙස කණ්ඩායමට ඇතුළත් කිරීමෙන් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට කණ්ඩායමට පැමිණීමේ අවස්ථාව දුරස් වී තිබේ.

නවසීලන්තයට එරෙහිව පසුගියදා පැවැති ටෙස්ට් තරගාවලියේදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක කණ්ඩායමේ ස්ථානය රැකගෙන ඇති අතර නායක දිමුත් කරුණාරත්න සමඟින් පිතිකරණය ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment