දේශීය ජලනළ කර්මාන්තයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම උදෙසා S-lon සමාගම PUCSL සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

62

ජලනළ කාර්මික ශිල්පීන්ගේ වෘත්තීය ප්‍රගමනයට සහාය වීම සහ ශ්‍රී ලංකාවේ ජලනළ කර්මාන්තයේ සමස්ත ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින්, ජල කළමනාකරණ විසඳුම් සැපයීමේ පුරෝගාමියා වන S-lon Lanka (Pvt) Ltd,, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇත.

2001 ඔක්තෝම්බර් මාසයේ දී, S-lon සමාගම විසින් නවීන ජලනළ කර්මාන්තයේ ප්‍රමිතීන් ස්ථාපිත කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහාත්, ජලනළ කාර්මික වෘත්තීයේ වෘත්තීයභාවය නංවාලීම සඳහාත් “ජලනළ කාර්මිකයන්ගේ සමාජය” :(S-lon Plumbers’ Club) පිහිටුවන ලදී.

ජලනළ කාර්මිකයන් 8,000කට අධික සවිමත් ජාලයකින් සමන්විත S-lon ජලනළ කාර්මිකයන්ගේ සමාජයේ සාමාජිකයන් S-lon සමාගම විසින් රට පුරා පවත්වනු ලබන ප්‍රායෝගික සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මඟින් ඉහළ ප්‍රතිලාභ ලබා ඇත. මෙම වැඩසටහන්වල ප්‍රධාන පරමාර්ථය වන්නේ නළ සහ උපාංග නිසි ලෙස හැසිරවීම සහ සවිකිරීම පිළිබඳව ජලනළ කාර්මිකයන්ගේ දැනුම හා තාක්‍ෂණය වැඩිදියුණු කිරීමයි. නුසුදුසු ලෙස ජලනළ හැසිරවීම මඟින් පිරිසිදු ජලය සහ පිරිසිදු වාතය දූෂණය වන අතර එමගින් සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවට ද බලපෑම් ඇති කරයි. තවද, ජලනළ සවි කිරීම පිළිබඳ නිසි දැනුමක් ලබා සිටීම, එම නිෂ්පාදනයන්ගේ උපරිම ඵල ලබා ගැනීමටත්, එහි ආයු කාලය වැඩි කිරීමටත් හේතු වේ.

මොහොමඩ් ශිරාස් මහතා – නිෂ්පාදන සංවර්ධන සහ ජලනල කාර්මික සමාජ කළමනාකරු (PDPCM) ජනක රත්නායක මහතා – සභාපති – මහජන උපයෝගිතා කොමිසම (PUCSL) දමිත කුමාරසිංහ මහතා – අධ්‍යක්ෂ ජනරාල් (DG)” එස්. සී. වීරසේකර මහතා – මහරාජා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී / සමූහ අධ්‍යක්ෂ / ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (GD/COO) අදාළ ගිවිසුම හුවමාරු කිරීමේ අවස්ථාවට එක්වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment