නයිට් රයිඩර් එකට සෙක්ස් සීන් බලෙන් ඔබ්බලා නැහැ – යුරේනි නොෂිකා

1192

විලාසිතාවලට මගේ කන්ට්‍රෝල් එකක් නැහැ
ලන්ඩන් ගිහිල්ලා කොළඹ එනකොට පෙට්‍රල් පෝලිම් උග්‍රවෙලා

නයිට් රයිඩර් එකට සෙක්ස් සීන් බලෙන් ඔබ්බලා නැහැ - යුරේනි නොෂිකා

සැමියා නැති තනියෙන් දරුවත් සමඟ ජීවත්වන චරිතයක් තමයි මේ දිනවල පුංචි තිරයේ විකාශනය වන්නේ. ඔය අතරේ එයාට ආදරයක් ඇතිවෙලා පොලිස් නිලධාරියෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කරනවා. සාලින්ද රත්නායක අධ්‍යක්‍ෂණය කරන හාට් කාට් ටෙලිනාට්‍යයේ චරිතය ගැන තමයි ඔය මම කිව්වේ.

නයිට් රයිඩර් එකට සෙක්ස් සීන් බලෙන් ඔබ්බලා නැහැ - යුරේනි නොෂිකා

ඉතිං ගොඩක් කාලයකට පස්සෙ තමයි මම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ. අනික සාලින්ද අළුත් අධ්‍යක්‍ෂකවරයෙක්. තව දෙයක් මට අළුත් පරපුර සමගත් වැඩ කරන්න අවස්ථාවක් උදාවෙලත් නැහැ. ඉතිං මට බලන්න ඕනෑ වුණා අළුත් පරපුර කොහොමද? ඔවුන් වැඩ කරන විදිහ කොහොමද? කියලා බලන්න. අනික නිදහසේ රඟපාන්න පුළුවන් ටෙලි නාට්‍යයක්. ඒ හින්ද මම චරිතය ගැනවත් ලොකුවට හිතුවේ නැහැ. හුඟ කාලයකින් ටෙලි නාට්‍යයක් කරලත් නැති හින්දා මට හිතුණා මේ ටෙලි නාට්‍ය භාරගන්න.

නයිට් රයිඩර් එකට සෙක්ස් සීන් බලෙන් ඔබ්බලා නැහැ - යුරේනි නොෂිකා

කාලෙකට පස්සෙ ලැබුණු ටෙලි නාට්‍ය ආරාධනාව ගැන යුරේනිට තිබුණේ ඔන්න ඔය වගේ අදහසක්. යුරේනි නොෂිකා ගැන අමුතුවෙන් ඔබට හඳුන්වාදෙන්න අවැසි නැහැ. රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක්, නිවේදිකාවක් ලෙසත් ඇය කටයුතු කරනවා. අව්‍යාජව සෘජු ලෙස අදහස් දක්වන නිහතමානී ඇය කා අතරත් කතාබහට ලක්වන්නේ සමාජ ජාල යාවත්කාලීන කරන ආකාරය අනුවයි.

කොහොම වුණත් ඇය වැඩක් භාර ගන්නකොට එහෙම මහ ලොකුවට හිතන්නේ නැති චරිතයක්. ඒ කතාවට ඇගේ මේ කතාව කදිම උදාහරණයක්.

මම එහෙම මහ ලොකුවට හිතුවේ නැහැ. මේ ටෙලිනාට්‍ය කරනවාද නැද්ද? කියලා මේ චරිතය මට ගැළපෙනවද, මේ චරිතය කොච්චර බැරෑරුම්ද? මේකෙ රංගන පරාසය කොහොමද කියන කිසිදෙයක් හිතුවේ නැහැ. හුඟ කාලෙකින් ටෙලි නාට්‍යයක් කරලත් නැති නිසා ක්‍ෂේත්‍රයේ හැමෝත් එක්කම මට ආශ්‍රය කරන්න අවස්ථාවක් ලැබෙන්නෙත් නැති නිසා මම හිතුවා මේ වැඩේ කරන්න. අනික අවුරුදු තුන හතරකින් විතර ටෙලියක් භාරගත්තේ.

ඇය පසුගිය කාලයේ ලංකාවේ හිටියේ නැහැ. ලන්ඩන්වල සංචාරයක නිරත වුණා. ඒ ගැනත් සෝෂල් මීඩියාවල විවිධ කතා පැතිරුණා. ඒ සියල්ලටම උත්තරයක් දෙන්නත් ඇය පැකිළුණේ නැහැ. පුංචි බ්‍රේක් එකකට තමයි ලන්ඩන් ගියේ. මේ හැමදේකින්ම මනස සැහැල්ලු කරගන්න ලොකු වුවමනාවක් තිබුණා. තව මගේ පෞද්ගලික සැලසුම් කිහිපයකුත් තිබුණා. මම ඇත්තටම වැඩි කාලයක් ලන්ඩන්වල හිටියේ නැහැ. දවස් දහයකට තමයි ගියේ.

ලංකාවට එනකොට යුරේනිට පුදුමාකාර අත්දැකීම්වලට තමයි මුහුණ දෙන්න වෙලා තිබුණේ. මොකද එතකොට ලංකාවේ පෙට්‍රල් පෝලිම් උග්‍ර වෙලානේ තිබුණේ. හැබැයි පෙට්‍රල් නැහැ කියලා ඇය ඇගේ වැඩ කටයුතු පාඩුකරගෙන නැහැ.

ලංකාවට එනකොට පෙට්‍රල් තිබුණේ නැහැ. මම ලංකාවෙන් යන්න කලින් මගේ වාහනේ පෙට්‍රල් ටිකක් තිබුණා. ඒක නිසා පොඩ්ඩක් එහෙ මෙහෙ කරගත්තා. එයාර්පෝට් එකේ ඉඳලා මම බයේ හිටියේ කැබ් එකක්වත් නැති වේවි කියලා. ලංකාවට එනකොට පෙට්‍රල් තත්ත්වය උග්‍රවෙලා කොළඹට එනකොට පෙට්‍රල් පෝලිම් දැකල මම ඔළුව ගහගත්තා. මොකද ඒ තරම් දරුණු පෝලිම් මම දැකලා නැහැ.

මෙච්චර දෙයක් දැනගත්තානම් ඇය ඇත්තටම ලන්ඩන්වලටම වෙලා හිඳීවි ද? යුරේනිට ඒ ගැන තිබුණේ මෙන්න මේ වගේ කියැවීමක්.

ඔව්, තව පොඩ්ඩක් ඉඳලා එනවා. (සිනාසෙමින්) ඒ වුණාට ලංකාව දාල ගිහිල්ලා ඉන්න බැහැනේ. අපි මේ රටේ ඉපදිලා, මේ රටේ හැදිලා, මේ රට තරම් හොඳ රටක් ලෝකයේ තව නැහැ කියන තැන මම ඉන්නවා. මොන ප්‍රශ්න ආවත් ලංකාව දාල යනවා කියන අදහසක් ගැන කියන්න බැහැ. ඉස්සරහට මොනවා වෙයිද කියන්න දන්නේ නැහැ. මොකද දෛවය කියන්නේ හරි වෙනස්.

අපි හිතන්නේම නැති අවස්ථාවල අපි හිතන්නේ නැති තීරණ ගන්නවා. නමුත් ලංකාවට ආවහම මට ගෙදර කියන හැඟීම දැනෙනවා, ඉතිං ඒක තියෙනවා.

ඔය අතරේ යුරේනි රංගනයෙන් දායක වුණු නයිට් රයිඩර් සිනමා නිර්මාණයත් නොබෝ දිනකින් තිරගත වීමට නියමිතයි.

 නයිට් රයිඩර් චිත්‍රපටය රූගත කිරීම් සිදුකළේ 2017 වසරේ. කසුන් පතිරණගේ කළුඳුල් නිර්මාණයක්. හිරු මෙගා ස්ටාර් සීසන් එක කරන කොට තමයි මට ඔය චිත්‍රපටයට ආරාධනා ලැබුණේ. ඒ දවස්වල ඉතාම කාර්ය බහුල වෙලා හිටියේ. ඒ වැඩත් සමබරව කරගෙන තමයි චිත්‍රපටයට දායක වුණේ. චිත්‍රපටයේ රූගත කිරීම් සියල්ල සිදු කළේ රාත්‍රි කාලයේ. උදේ වරුවේ ඩාන්සින් ස්ටාර් රිහසල් කරලා රෑට ෂූටින් යනවා. ඔය චිත්‍රපටය කරන කාලේ නිදගත්තේ නැති තරම්.

නයිට් රයිඩර් කියන්නේ හරි වෙනස්ම චිත්‍රපටයක්. මේක මැද මාවතේ සිනමා නිර්මාණයක්. නයිට් රයිඩර් ගැන යුරේනිට තිබුණේ අන්න ඒ වගේ අදහසක්.

වැඩිහිටියන්ට පමණයි සිනමා නිර්මාණයක් නිසා චිත්‍රපටය භාරගැනීමේදී ඇය හිටියේ මෙවැනි මතයක

ඇත්තටම මේක වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් නෙමෙයි. අධ්‍යක්‍ෂවරයා මට මුලින්ම කිව්වා මේකෙ යම්කිසි ගෘංගාරාත්මක දර්ශන වගයක් තියෙනවා කියලා. නමුත් මේ චිත්‍රපටය පුරාවටම එවැනි දර්ශන නැහැ. පවුලේ හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටයක්.

චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී සමහර දේවල් ඔබ්බවනවා චිත්‍රපටය විකුණා ගැනීමට. එහෙම දේවල්වලට මම හරි විරුද්ධයි. චිත්‍රපටයක් විකුණගන්නවා කියලා හිතාගෙන බලෙන් ඔබලා සෙක්ස් සීන් දානවාට මම විරුද්ධයි. නමුත් මේකෙ එහෙම සීන් ඔබලා නැහැ. චරිතය තුළම තමයි ඒ සියල්ල නිර්මාණය වෙලා තිබුණේ. අහම්බයෙන් හමුවුණු අමුත්තන් දෙදෙනා ආදරයකට පෙරළෙන තැන තමයි ගෘංගාරය දැනෙන්නේ. ඒක චිත්‍රපටය දුවවන්න ඔබ්බවපු දෙයක් නෙමෙයි. චරිතයට සාධාරණය කරන්න තමයි එවැනි දර්ශනයක් තියෙන්නේ. එහෙම දෙයක් පිටපත කියවනකොට මගේ හිතට ආවේ, කොහොමද ඒක ෂූට් කරන්නේ කියලා.

ඇත්තටම කොහොමද ඒක ෂූට් කළේ. අපේ හිතටත් එවැනි ප්‍රශ්නයක් ආවා. කතාවට බාධා කළේ යුරේනි අව්‍යාජව උත්තර දෙන චරිතයක් නිසාමයි.

මේ දර්ශනය මම දන්නවා ඔබ්බවපු එකක් නෙමෙයි කියලා. චරිතය සමඟ ගලාගෙන යන එකක්. මම ඒ දර්ශනය කරන්න බැහැ කියලා කිව්වේ නැහැ. නමුත් මගේ අදහස තිබුණේ කොහොමද මේක රූගත කරන්නේ, මොන කෝණයෙන්ද රූගත කරන්නේ. කවුද රූගත කිරීම් කරනකොට ඉන්නේ කියලා. අධ්‍යක්‍ෂවරයාට සහ කැමරා අධ්‍යක්‍ෂවරයාට විතරයි ඉන්න මගේ අවසරය තිබුණේ. මම කිසිම කෙනකුට ඒ දර්ශන තලයේ ඉන්න අවසර දුන්නේ නැහැ. චරිතයට අවශ්‍ය සාධාරණය ඉෂ්ට කලා කියලයි මට නම් හිතෙන්නේ.

අනික මම සිනමාවට එහෙම ලොකුවට දායක වෙලත් නැහැ. සිනමාවට දායක වෙන්න ලැබිලා තියෙන අවස්ථා අඩුයි. ඒ නිසා සිනමා කෘතියක් කළේ හුඟ කාලයකට පස්සේ.

රඟපෑම ගැනත් යුරේනිට තිබුණේ මෙන්න මේ වගේ කියැවීමක්.

 මම කම්මැලි නැහැ, ඇත්තටම කම්මැලි නැහැ. චිත්‍රපටයක් නම් මම කරන්නන්වාලේ කරන්නේ නැහැ. චිත්‍රපටයක කතා වස්තුවක් තියෙන්න ඕනෑ. මගේ චරිතය පිළිබඳව මට ලොකු අවබෝධයක් තියෙන්න ඕනෑ. නැතිව ආවට ගියාට ආ… ෆිල්ම් එකක් කරන්න ආසයි. ෆිල්ම් එකක ඉන්න ආසයි. ඒ පිස්සු නම් මගේ ඔළුවේ නැහැ. මම අතලොස්සක් රඟපෑවත් ඒ රඟපෑ නිර්මාණ පහ හය මිනිස්සුන්ට මතක තියෙනවා නම් මම එතැන සාර්ථකයි. සීයක් කරලා මිනිස්සුන්ට මතක නැති චරිතයක් වෙන්න වුවමනා නැහැ.

 මේ දිනවල ඉතිං මුලින්ම කිව්ව ටෙලි නාට්‍යයේ වැඩ ටික කරගෙන ඉන්නවා. බලාපොරොත්තු සහිතව ඉන්නවා, මේ චිත්‍රපටය හොඳට මිනිස්සු අතරට යාවි කියලා. මේ කාලයේ චිත්‍රපටයක් රිලීස් කරනවා කියන්නේ එතරම් සුභදායී වැඩක් නෙමෙයි. ඒ කොහොම වුණත් පීඩිත මනසකින් ඉන්න මිනිස්සුන්ට යම්කිසි හොඳ කලා කෘතියක් ආවොත් අනිවාර්යයෙන්ම නරඹනවා.

අනික නිදහසේ ගෙරදට වෙලා ඉන්නවා. පෙට්‍රල් නැහැ එළියට බහින්න. යන තැනකත් යන්නේ බස් එකේ. නැත්නම් ඇවිදිනවා.

 ඇත්තද මේ කියන්නේ යුරේනි බස් එකේ යනවම ද. අපි ආපහු ප්‍රශ්න කළා.

බස් එකේ යනවා, ඒක ඇත්ත. හොඳ ඇත්දැකීමක්. මම බස් එකක ගියපු ළමයෙක්. අවුරුදු විසිදෙකක් ජීවිතයේ බස් එකේ තමයි ගියේ. දැන්නේ වාහන තියෙන්නේ. ඒක හින්දා මට ඒක අමුතු ලෝකයක් නෙමෙයි. ආයෙමත් මට මුලට ගියා කියලා හැඟෙනවා. ඔහොම තමයි ජීවිතේ. ජීවිතය හැමදාම එකම විදිහට ගලාගෙන යන්නේ නැහැනේ. ජීවත්වෙනවා කියන්නේ උස් පහත් දේවල් වලට මුහුණ දෙනවා කියන එකනේ.

විලාසිත ගැන යුරේනිට තියෙන්නේ වෙනස්ම කියැවීමක්.

විලාසිතා තියෙන්නේ කරන්න. තමන්ට කැමැති නම් ඒක කළාට ප්‍රශ්නයක් නැහැ. නමුත් මිනිස්සු ඒක භාරගන්නේ එක එක විදිහට. ඒත් මගේ කන්ට්‍රෝල් එකක් නැහැ. කෙනෙක්ට ඒක විවේචනය කරන්නත් පුළුවන්. කෙනකුට ඒක ආසාවෙන් දැකලා විඳින්නත් පුළුවන්. තව කෙනකුට ඒක විලාසිතාවක් වෙලා ඒක අනුකරණය කරන්නත් පුළුවන්. ඉතිං ඕක තියෙන්නේ බලන මිනිස්සුන්ගේ අතේ. ඒකට මට කන්ට්‍රෝල් එකක් නැහැ. මම කරන විලාසිතා ආදරයෙන් භාරගත්ත කියලා මට කියන්න බැහැ. නමුත් මම කියන පුද්ගලයා හැමදාම කළේ මම සතුටුවෙන දේවල්. මොකද මගේ ජීවිතයේ මම සතුටුවෙලා ඉන්න ඕනෑ, මම තව කෙනකුව සතුටු කරන්නනම්. මම කොහොමත් ජීවිතය විඳින්න කැමැති චරිතයක්. ජීවිතය විඳවන්න අකමැති චරිතයක්. මම හිතන්නේ මනුස්සයෝ විදිහට අපි හැමෝම එහෙමනේ. මේ කාලේ වුණත් චිත්‍රපටයක් බලන්න ඕනෑ කියලා හිතුණොත් බස් එකේ නැග්ගා ගියා චිත්‍රපටයක් බැලුවා. මොන ප්‍රශ්න ආවත් මම මගේ දෙවල් නතර කරන්නේ නැහැ.

● දිනේෂ් විතාන
 ඡායා – අන්තර්ජාලයෙනි

advertistmentadvertistment
advertistmentadvertistment