නියඟයට සතුන් 3000ක් මැරෙනවා – මහාචාර්ය අතුල සේනාරත්න

204

වසර හතරකට වරක් මෙරටට බලපාන දැඩි නියං කාලයේදී යාල, විල්පත්තු ඇතුළු අභය භූමිවල වෙසෙන වන සතුන් තුන්දහසක් පමණ මියයන බව අධ්‍යයනවලදී තහවුරු වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියා සිටී.

ජලසම්පත් මණ්ඩලයේ සභාපති ලෙස තමා කටයුතු කළ සමයේදී අභය භූමිවල පොකුණු නිර්මාණය කිරීමට සැලසුම් කළේ නියං කාලවලදී වන සතුන්ට බීමට ජලය ලබාදීමට යැයි ද ඒ මහතා කියා සිටී.

මේ වනවිට වන සතුන් ගැවසෙන ප්‍රදේශවල පිහිටි වළවල්වලට ජල බවුසර් මගින් වතුර ගෙන ගොස් දැමුවත් ඊළඟ බවුසරය ගෙන යන විට කලින් දැමූ වතුර පොළවට උරාගෙන අවසන් වන බවද ඒ මහතා සඳහන් කරයි.

එනිසා වන සතුන් ගැවසෙන අභයභූමි ඇතුළු තෝරාගත් ප්‍රදේශවල ‘කුට්ටම් පොකුණු’ නියමාකාරයෙන් ඉදිකරන්නේ නම් වතුර නොමැතිව නිකරුණේ මියැදෙන වන සතුන්ගේ දිවි රැකගත හැකි බවද මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටී.

2004, 2013, 2023 ආදී වසරවල මෙවැනි දරුණු නියඟයන් පැමිණි බවත් ඒ සෑම අවස්ථාවකදීම සැලකිය යුතු තරමේ කුඩා සහ අනෙකුත් වන සතුන් මියැදුන බවත් ඒ මහතා කියා සිටී.

ලලන්ත වන්නිආරච්චි – මහනුවර

advertistmentadvertistment
advertistmentadvertistment