පරිපූරක වර්ජනයෙන් රෝහල් ලෙඩ වේ

110

දැනට ක්‍රියාත්මක වන පරිපුරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන්ගේ අඛණ්ඩ වැඩ වරජනය හේතුවෙන් දෛනිකව සිදු කෙරෙන ”‍පී සී ආර් ”‍ පරීක්‍ෂණ සංඛ්‍යාවද අඩු වී ඇති අතර කොරෝනා ආසාදිතයන් රෝහල් කරා යොමු කිරීමේ කටයුතු ද අඩාල වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මෙම වර්ජනය හේතුවෙන් රෝහල් සේවාවන්ට අමතරව රටේ කොරෝනා වසංගතය පාලනය කිරීමේ වැඩපිලිවෙලටද දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවත් මේ හේතුවෙන් වර්ජනයට සිය වෘත්තිකයන් ඇද දැමු බලධාරීන් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීමට වහා පියවර ගත යුතු බවද කුමුදේශ් මහතා කීය ,

පරිපුරක වෛද්‍ය වෘත්තිකයන් හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් විසින් සේවා ඉල්ලීම් 13ක් මුල් කරගනිමින් දියත් කර ඇති මෙම වර්ජනය අද (05දා ) තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් දිවයිනේ සියලු‍ රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් බෙහෙත් නිකුත් කිරීම ,විකිරණ පරීක්‍ෂණ /රසායනාගාර පරීක්‍ෂණ සිදු කිරීම .ඊ ඊ ජී /ඊ සී ජී පරීක්‍ෂණ ඇතුළු සේවාවන් රැසක් ඇණහිට තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටි බව රෝහල් අංශ පවසයි ,

advertistmentadvertistment
advertistmentadvertistment