පහසුකම් ලබා දුන්නොත්  අපට අවශ්‍ය පොහොර රටේම නිපදවිය හැකියි

1442

* අධ්‍යක්‍ෂ චන්න රුබේරු ප්‍රිමියම් හෙල්ත් ඔස්ටේ්‍රලියා පෞද්ගලික සමාගම

පසුගිය කාලයේ දී අප රටේ පොහොර අර්බුදයක් ඇති විය. එම අර්බුදය උද්ගතවූයේ කාබනික වගාවට ගොවීන්ට යොමුවන ලෙස රජයෙන් ලබාදුන් උපදෙස්වලින් අනතුරුවය. ගොවීන් ප්‍රකාශ කළේ තමන්ට කාබනික හෝ රසායනික පොහොර ප්‍රමාණවත්ව නොලැබුණු බවයි. මේ නිසා ගොවීහු උද්ඝෝෂණවලට පවා යොමුවූහ. ඇත්තට ම අප රටට අවශ්‍ය පොහොර ප්‍රමාණය අප රටේ ම නිෂ්පාදනය කරගත නොහැකි ද? මේ සම්බන්ධයෙන් ප්‍රිමියම් හෙල්ත් ඔස්ටේ්‍රලියා පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ චන්න රුබේරු මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.

පහසුකම් ලබා දුන්නොත්  අපට අවශ්‍ය පොහොර රටේම නිපදවිය හැකියි

අප සමාගම හදලා තියෙන්නේ ඔස්ටේ්‍රලියානු තාක්‍ෂණය සහ ශ්‍රී ලාංකික තාක්‍ෂණය ඒකාබද්ධ කරමින්. ඔස්ටේ්‍රලියා පර්ලුටෙක් ආයතනය නියෝජනය කරන සුදත් පෙරේරා මහතා මෙහි අධ්‍යක්‍ෂකවරයෙක්. අප සමාගමේ විiාඥයන් කණ්ඩායමක් කාලයක් තිස්සේ විවිධ පරීක්‍ෂණවල නියැළුණා. එම කණ්ඩායම රසායනික පොහොර වගේම කාබනික පොහොර පිළිබඳවත් පර්යේෂණ සිදුකරනවා. අප සමාගම පසුගිය කාලයේදී ඩෙංගු ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට උත්සාහ කළා.

ඒ අනුව අපි ඔස්ටේ්‍රලියාවෙන් ඩෙංගු මදුරුවන් පළවා හරින දියරයක් ගෙන්වීමට උත්සාහ කළා. එම දියරය ඇඳුම්වලට ඉසීමෙන් ඩෙංගු මදුරුවාගෙන් ගැලවිය හැකියි. එම දියරය ගෙන්වීමට දේශපාලන අධිකාරියේ සහයෝගය ලැබුණත් සමහර නිලධාරීන් ඊට අනුමැතිය ලබාදුන්නේ නැහැ. අපි අන්තිමට ඩෙංගු මදුරුවන් මට්ටු කළ හැකි දේශීය වට්ටෝරුවක් මිල දී ගත්තා. එය පර්යේෂණ මට්ටමේ පවතිනවා. ඔය අතරේ තමයි කොරෝනා ප්‍රශ්නය ලෝකයට එන්නේ. කොරෝනා සමග ලෝකයේ පොහොරවලට මෙන්ම කෘෂි රසායනික ද්‍රව්‍යවලට ඉහළ ඉල්ලුමක් ඇතිවන බව අපි හඳුනාගත්තා. ඒ අනුව කෘෂිකාර්මික මිල දර්ශක වැඩිවන බව අපි නිරීක්‍ෂණය කළා. ඒ අනුව කෘෂිකර්මයෙන් එන ඵලදාවට වඩා ඉල්ලුම වැඩිවන බවක් අපි දුටුවා. ඒ අවස්ථාවේ රජය ඉදිරිපත් කර තිබූ ප්‍රතිපත්තියට අනුව අපි මෙහි ආයෝජනයක් කළා. රජයෙන් ඒ සඳහා සහයෝගය ලැබී මෙම කටයුතු ඉදිරියට ගෙන යෑමට පුළුවන් වෙයි කියා අපි විශ්වාස කළා. ඒ අනුව මුලින්ම කාබනික පොහොර නිෂ්පාදනය කළා. 2020 කහතුඩුව ප්‍රදේශයේ අපි කාබනික පොහොර කර්මාන්ත ශාලාවක් ආරම්භ කළා. එම අවස්ථාවේ දී අපගේ පර්යේෂණ කණ්ඩායම පොහොර නිෂ්පාදනය කෙරෙහි යොමුවුණා. ඔස්ටේ්‍රලියානු තාක්‍ෂණය සහ දේශීය තාක්‍ෂණය මුසුකර අපි කාබනික පොහොර වර්ග කීපයක්ම නිෂ්පාදනය කළා. පොහොර ලේකම් කාර්යාලය අනුමැතිය ඇතුව එහි පළමු නිෂ්පාදනය අපි මේ වනවිට වෙළෙපොළට හඳුන්වාදී තිබෙනවා.

මෙහි වැඩිපුර තියෙන්නේ දේශීය අමුද්‍රව්‍ය

රසායනික පොහොර නතර කිරීමෙන් තේ වතු හිමියන්ට ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා. තේ ගසේ මුලට කොම්පෝස්ට් පොහොර යෙදිය හැකි වුණත් දල්ලට පොහොර ලබාදීමේ ක්‍රමවේදයක් නැහැ. මේ අවස්ථාව වනවිට සමහරුන්ට කලින් ගෙනා පොහොර තිබ්බත් අනෙක් අයට පොහොර නොතිබීම ප්‍රශ්නයක් වුණා. ඒ අය තමයි තේ සඳහා කොම්පෝස්ට් පාවිච්චි කළේ. එතැන දී ඔවුන් අසාර්ථක වුණා. ඒ අය තමයි පසුගිය කාලයේ වැඩිපුර විරෝධය පළ කළේ. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස අපි තේ දල්ලට ඉසින කාබනික පොහොර නිෂ්පාදනය කළා. එය අතිශයින් සාර්ථකයි. මෙම ඉසින පොහොර යෙදූවිට සතියකදී තේ දල්ලේ සහ කොළයේ පැහැදිලි වෙනසක් ඇති වෙනවා. ඒ සමග අවශ්‍ය තේ දල්ල හා කොළ ප්‍රමාණය වර්ධනය වෙනවා. තව දින දෙක තුනක් යද්දී කොළය බර වෙනවා. අපේ පොහොර සමග එන ඵලදාව දවස් 11න් 11හට කඩන්න කියලයි අපි නිර්දේශ කරන්නේ. සතියෙන් සතියට දලු කැඩීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. දවස් 11න් 11හට තේ දලු කැඩූවිට සතියෙන් සතිය කැඩුවම ලැබෙන ඵලදාවම ලැබෙනවා. එවිට කම්කරු ශ්‍රමය සඳහා ගෙවන මුදලුත් අඩු වෙනවා. දැනට ආනයනය කරන පොහොරවලට වඩා සියයට පනහක වියදම අඩුයි, අපේ කාබනික පොහොර වගේම රසායනික පොහොරවලත්.

ලංකාවේ කැට පොහොර නිෂ්පාදනයට අවශ්‍ය පස් බොහෝවිට නැහැ. නමුත් ඒවා ගෙන්වීමට යන වියදම ඉතා අඩුයි. මොකද අපි ඒවා ගෙන්වන්නේ අමුද්‍රව්‍ය වශයෙන් නිසා. අපිට අවශ්‍ය නම් එම පස් යොදාගෙන පොහොර හදා පිටරත් යවන්න පුළුවන්. නමුත් මේ මොහොතේ දී අප රටේ ලොකු පොහොර ඉල්ලුමක් තිබෙන නිසා එය කළ නොහැකියි. එහෙත් අපිට ඉදිරි කාලයේදී අමුද්‍රව්‍ය ගෙන්වා පොහොර නිෂ්පාදනය කර ඊට ආර්ථික වටිනාකමක් එක්කර අපනයනය කළොත් අපට ලොකු ආදායමක් ලැබිය හැකියි. එවැනි ක්‍රමවේද මගින් තමයි අපේ රටට ඩොලර් එන්නේ. මේ රජය කර්මාන්ත ඇතිකරන මානසික පරිසරයක් ඇති කළා. නමුත් ඒක ඇත්තට වුණා ද කියන එකයි ප්‍රශ්නය.

කොහොම නමුත් දැන් ආහාර නිෂ්පාදනය කරන්නේ කාබනික පොහොරවලින් ද එහෙම නැත්නම් රසායනික පොහොරවලින් ද කියලා අපට තීරණය කරන්න බැහැ. මේ දෙයාකාරයෙන්ම ආහාර නිෂ්පාදනය කරන ගොවියෝ නිසයි අපේ බත්පත පිරෙන්නේ. ඒ අය තමයි මාර්කට් එකට අවශ්‍ය ආහාර බෝග යවන්නේ. ඒනිසා කාබනික පොහොර වගේම රසායනික පොහොර නිෂ්පාදනයටත් අපි පියවර ගන්නවා. මේ දෙවර්ගයේම පොහොර නිෂ්පාදනය කිරීම අමාරු කාර්යයක්. මේ නිසා අපගේ මූලික පිරිවැය දෙගුණයක් වෙලා තියෙනවා.

කෘෂිකර්මාන්තයේදී කාබනික කියන්නේ එක අංශයක් පමණයි. මම දුටු විදිහට රජය ගෙනා ප්‍රතිපත්තියේ තියෙන්නේ හරිත කෘෂි කර්මාන්තයයි. හරිත කෘෂි කර්මයේදී කාබනික කියන්නේ එහි එක් අංගයක් පමණයි. නමුත්

පසුගිය කාලයේදී සියයට සියයක්ම ශ්‍රමය ඇතුළු ඔක්කොම යෙදුවේ කාබනික පැත්තට පමණයි. කාබනික එකෙනුත් මූලිකව ගියේ කොම්පෝස්ට් පැත්තට විතරයි. කොම්පෝස්ට් නිෂ්පාදනය තමයි විශාල වශයෙන් කෙරුණේ. මුළු රටේ ම ව්‍යාප්ත කළේ. කොම්පෝස්ට් ගණන් ගියා. කොම්පෝට් හොයාගන්න බැරුව ගියා. ගොවි මහත්වරුන්වත් ධෛර්මත් කළේ කොම්පෝස්ට් හදන්න. සමහරු හිතන් හිටියේ කාබනික කෘෂිකර්මාන්තය කියන්නේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය පමණක් කියලයි. එය වැරදි මතයක්. ඒ වැරදි මතය හරිගස්සන්න නිලධාරීන් කටයුතු කළේ නැහැ. එය ගොවියකුට කළ නොහැකියි. ගොවියකුට අවශ්‍ය නම් අල්ලපු නියරේ ඉන්න ගොවියාව දැනුවත් කළ හැකියි. මුළු රට ම දැනුවත් කළ හැක්කේ නිලධාරි සහ රාජ්‍ය මට්ටමෙන් පමණයි. කාබනික වගාවේ ද කොම්පෝස්ට් යෙදීම වගේම ගසට ක්‍ෂණිකව ශක්තිය ලබාදෙන ක්‍ෂුද්‍ර හා මහා මූල ද්‍රව්‍ය ලබාදීම ගැනත් අවධානය යොමුකළ යුතුය. නමුත් ශාකයකට අවශ්‍ය මූල ද්‍රව්‍ය ක්‍ෂණිකව ලබාදිය හැක්කේ රසායනික පොහොරවලින් පමණයි.

වගාවේදී රුපියල් 100ක් ගතහොත් කෘමිනාශක සහ වල් නාශකවලට 60% ක් පමණ වැය වෙනවා. ඉතුරු 40% තමයි බීජ ඇතුළු අනෙකුත් දේ සඳහා වියදම් වන්නේ. අනෙක් අතට කාබනික ප්‍රතිපත්තියක් ගෙනාවා කියා අපේ පස එකවර වෙනස් කළ හැකි ද? අපේ පස රසායනික පොහොරවලට හුරුවෙලයි තියෙන්නේ. රසායනික පොහොර යොදලා ගසක් හදාගත් පසුව එය ආරක්‍ෂා කරගැනීමට නම් කෘමිනාශක සහ වල් නාශක යෙදිය යුතුයි. ඊට හේතුව කෘමීන් ඇතුළු බාහිර පාර්ශ්වවලින් ශාකයට එන උපද්‍රවවලින් ආරක්‍ෂා වීමට පසෙන් කිසිදු පිහිටක් නොලැබෙන නිසයි. අප කාබනික පොහොර වගාවට යොමුවෙනවා නම් ක්‍රමානුකූලව පියවරනේ පියවරට ඊට සරිලන අයුරින් පස සකස් කළ යුතුයි.

නමුත් එකවරම කාබනික පොහොරවලින් පමණ වගාවන් කිරීමට ගියහොත් ආහාර හිඟයක් ඇති විය හැකියි. කාබනික පොහොර ප්‍රතිපත්තිය අනුගමනය කරනවා නම් ඊට යම් අයකු නායකත්වය දිය යුතුයි. කාබනික පොහොරෙන් බෝග වගා කරද්දී ක්‍රමානුකූලව අපේ පස පියවරෙන් පියවර සරු වෙනවා. කාලයක් යද්දී ක්‍ෂුද්‍ර බැක්ටීරියා ඇතුළු පස පෝෂණය කරන ජීවීන් බිහි වෙනවා. අපට තියෙන අත්දැකීම තමයි අප නිෂ්පාදනය කරන කාබනික පොහොර භාවිතයේදී පිටරටින් ගෙන්වන පොහොරවලට සාපේක්‍ෂව වියදම 50%ක් අඩුවීම. නමුත් ඵලදායිතාවයේ කිසිම වෙනසක් නැහැ. මේ වනවිට කාබනික පොහොර භාවිත කළ තේ ගොවීන් සාර්ථකව අස්වනු ලබමින් සිටිනවා. ඔවුන් පවසන්නේ ක්‍රමානුකූලව පස ද සරුවන බවයි.

අවශ්‍ය පහසුකම් තාක්‍ෂණය නිවැරදිව භාවිත කළහොත් අපේ රටට අවශ්‍ය පොහොර ටික අපේ රටේම නිෂ්පාදනය කරගත හැකියි. මේ සඳහා රජය විiාත්මක වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒ සඳහා කෘෂිකාර්මික කලාපයක් වෙනම තිබිය යුතුයි. කෘෂිකාර්මික රසායනාගාර, පර්යේෂණාගාර

පහසුකම් ඇතිකරලා ඒවාට නිශ්චිත කාලසීමාවක් ඇතුළත අවශ්‍ය ඉලක්කවලට යෑමට උපදෙස් දිය යුතුයි. ඉලක්කවලට ළඟාවෙන අයට ලබාදෙන ප්‍රතිලාභ අප පෙන්වා දිය යුතුයි. ඔවුන්ව ධෛර්යමත් කළ යුතුයි. පසුගිය කාලයේදී මොකද වුණේ. මෙහේ හදපු දේවල් පිටරටවලට විකුණලා තියෙනවා. එහෙම වුණේ ඇයි. අපේ රටේ ඊට තැනක් නොදුන් නිසයි ඒ දේවල් එහෙම සිදුවුණේ. එම මානසිකත්වය අප වහා වෙනස් කළ යුතුයි. අපේ කෙල්ලෝ කොල්ලෝ නාසා එකේ ඇතුළු ලෝකයේ බොහෝ තිබෙන පර්යේෂණාගාරවල වැඩ කරනවා. අපේ විශ්වවිiාල පද්ධතියෙන් බිහිවෙන දක්‍ෂයන්ගෙන් පවා අපේ රට වැඩක් ගන්නේ නැහැ. මෙම තත්ත්වය වෙනස් වීමට අපි අපේ රටේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් තියෙන ආයතනවල නව ප්‍රබෝධයක් ඇතිකළ යුතුයි. එම ආයතන ඉලක්ක සහගත වැඩපිළිවෙළකට යා යුතුයි. අපේ රටේ වැඩ කරන්න ගියාම වැඩිපුරම තියෙන්නේ බාධක. කවුද ඉතින් වැඩක් කරන්න උනන්දු වෙන්නේ. අපි පැහැදිලිවම කියනවා අවශ්‍ය පහසුකම් දුන්නොත් අප රටට අවශ්‍ය කාබනික පොහොර වගේම රසායනික පොහොරත් නිෂ්පාදනය කළ හැකියි. පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය නම් ඒවා අමුද්‍රව්‍ය වශයෙන් පිටරටින් ගෙන්විය යුතුයි. අනෙකුත් සියලු වටිනාකම් ඊට එක්කළ යුත්තේ අප රටේදියි. ඒ සඳහා අවශ්‍ය තරම් අපට ශ්‍රමය තියෙනවා. ඒ සඳහා සුදුසු පරිසරයක් අපට තියෙනවා. අපේ පොහොර ටික අපි හදාගතහොත් ඩොලර් ටිකත් ඉතිරි වෙනවා. ඒ විතරක් නොවෙයි අපට අතිරික්ත පොහොර ප්‍රමාණයක් නිෂ්පාදනය කළහොත් ඒවා පිටරට යවා විදේශ විනිමයක් ලබාගත හැකියි. අද රටට අවශ්‍ය වන්නේ එවැනි වැඩපිළිවෙළක්.

වසන්ත ලියනගේ

සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment