ප්‍රහාරවලට බියෙන් පලස්තීනුවෝ ගාසා තීරයෙන් පලා යති

389

ඊශ්‍රායල හමුදා විසින් මධ්‍යම ගාසා තීරයේ පිහිටි සරණාගත කඳවුරු වෙත ගමන් කරමින් සිටීම හේතුවෙන් එම ප්‍රදේශයේ සිටි පලස්තීන ජාතිකයන් එක් ලක්ෂ පනස්දහසක් පමණ දෙනා පලා ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඊශ්‍රායල ඒකාබද්ධ හමුදා භටයන් හා යුද ටැංකි ළඟා වීමත් සමගම මධ්‍යම ගාසා තීරයේ සිටින පලස්තීන ජාතිකයන්ට ප්‍රදේශයෙන් පලා යෑමට පෙළඹවීමක් කර ඇති බව එම සංවිධානය පවසයි.

මේ අතර ඊශ්‍රායල හමුදාවට අනුව ඉකුත් ඔක්තෝබර් මස 07 දා සිට එම හමුදා සහ හමාස් සංවිධානය අතර පවතින සටන්වලින් ඊශ්‍රායල හමුදා භටයන් 500 කට අධික පිරිසක් මියගොස් තිබේ. මේ අතර සටන් විරාමයකින් අවසන් වන අදියර තුනකින් සමන්විත ඊශ්‍රායල්-හමාස් සාම යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඊජිප්තුව විසින් පියවර ගෙන තිබේ. මේ අතර ඉකුත් දෙසැම්බරි 15 වැනිදා ඊශ්‍රායල් හමුදා විසින් ගාසා තීරය වෙත එල්ල කර ඇති ප්‍රහාරවලින් අත් වැරදීමකින් හමාස් සංවිධානය විසින් ප්‍රාණඇපකරුවන් වශයෙන් රඳවාගෙන සිටි තිදෙනකු මිය ගිය බව එම හමුදා විසින් පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment