ප්‍රියමාලි 2 ප්‍රචාරණයට එරෙහිව වාරණයක්

241

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැඟෙනහිර කුලුනේ 19 වන මහලේ පිහිටි ක්‍රොපස් පුද්ගලික සමාගමට අපහාසයක් හා අපකීර්තියක් වන පරිදි අසත්‍ය හා ද්වේෂ සහගත කරුණු ප්‍රචාරය කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ (01) දා ලයිෆ් ටුවර් නමැති යූ ටියුබ් නාලිකාවට ෆේස්බුක් මුහුණු පොත පිටුවකට වාරණ නියෝගයක් නිකුත් කළාය.

එම යූ ටියුබ් චැනලය සහ ෆේස්බුක් පිටුව මෙහෙයවන ආර්. ඒ. එම්. පී. රත්නායක සහ ඩබ්ලිව්. ඩී. ඩී. නාරන්බැද්ද යන විත්තිකරුවන්ට ලබන 14 වැනිදා තම අධිකරණය හමුවේ පෙනි සිට කරුණු දක්වන ලෙස දන්වා අතුරු තහනම් දැන්වීම් සහ නොතීසි නිකුත් කිරීමට ද විනිසුරුවරිය වැඩිදුරටත් නියෝග කළාය.

සමාගමක් ලෙස ලියාපදිංචි සිය සේවාදායක සමාගම ජනතාවගේ මුදල් ගනුදෙනු කරනු ලබන මූල්‍ය ආයතනයක් නොවන බවත් ව්‍යාපාර උපදේශනය සපයන එම සමාගමට ප්‍රියමාලි 2 බවට හඳුන්වමින් වගඋත්තරකරුවන් ව්‍යාජ හා ද්වේෂ සහගත වීඩියෝ පට ප්‍රචාරය කරමින් අපහාසාත්මක කරුණු ජනගත කරන බවත් පෙන්වා දෙමින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලු විනිසුවරිය එම නියෝගය කළාය.

නීතීඥ සුදත් පෙරේරා, නීතීඥ සමාගමේ උපදෙස් මත නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටියේය.

2018 වසරේ සිට පවත්වාගෙන යන විකුණුම් අලෙවිකරණය සහ අතරමැදි සේවාවන් නීත්‍යානුකූලව සපයන කීර්තිමත් සමාගමක් වන සිය සමාගමට සිදු කරනු ලබන එකී අපකීර්තිමත් ප්‍රචාර නවත්වන ලෙසට ද ක්‍රොපස් පුද්ගලික සමාගම සිය පැමිණිල්ල මගින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment