පානදුර – මොරටුව රන් මහ සටන 29 සහ 30 දෙදින ඩයලොග් අනුග්‍රහයෙන්

78

ඡායාරූපය (වමේ සිට) මහිත් අප්පුහාමි – නායක, මොරටු මහා විද්‍යාලය, තිළිණ පීරිස් සහකාර භාණ්ඩාගාරික, ආදි මොරටු මහා විද්‍යාලීය ක්‍රීඩා සමාජය, රුවන් අරඹේපොල – විදුහල්පති, මොරටු මහා විද්‍යාලය, පුබුදු අලුත් ගෙදර – ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී/ ව්‍යාපාර ප්‍රධානී, ඩයලොග් ටෙලිවිෂන්, ඩයලොග් ආසිආටා පීඑල්සී, ලසන්ත තෙවරප්පෙරුම – සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී, ඩයලොග් ආසිආටා පීඑල්සී, රවීන්ද්‍ර පුෂ්ප කුමාර – විදුහල්පති, ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර, චාමර පීරිස් – ලේකම්, ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය, විදූෂ පීරිස් (නායක) පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය.

පානදුර ශ්‍රී සුමංගල විදුහල හා මොරටුව විද්‍යාලය අතර පැවැත්වෙන 72 වැනි ‘පානදුර මොරටුව රන් මහ සටන ලබන 29 සහ 30 දෙදින මොරටුව ද සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එම තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කරයි.

පානදුර - මොරටුව රන් මහ සටන 29 සහ 30 දෙදින ඩයලොග් අනුග්‍රහයෙන්

විදුහල් අතර 31 වැනි වාර්ෂික සීමිත පන්දු වාර තරගය මාර්තු 31 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර විදූෂ පීරිස් විසින් පානදුර කණ්ඩායම මෙහෙයවනු ලබන අතර මොරටු කණ්ඩායමේ නායකත්වය මහිත් අප්පුහාමි විසින් දරනු ලබයි. ජයග්‍රහණ 8 ක් සමගින් සුමංගල විද්‍යාලය දෙරට අතර මහ තරග ඉතිහාසයේ ඉදිරියෙන් සිටින අතර මොරටු විද්‍යාලය ජයග්‍රහණ 7 ක් හිමිකරගෙන සිටියි. තරග 56ක් ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ. ඉකුත් වර හෙවත් 71 වැනි මහ තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොරව අවසන් විය. තරග 30කින් යුත් මෙම වාර්ෂික එක්දින තරග ඉතිහාසයේද ජයග්‍රහණ අතින් ඉදිරියෙන් සිටිමින් සුමංගල විදුහල ජයග්‍රහණ 15කට හිමිකම් කියද්දී මොරටු විද්‍යාලය තරග 12 ක් ජය ලබා සිටියි. තව තරග දෙකක් විසඳුම් රහිතව ද තවත් තරගයක් ක්‍රීඩා කිරීමෙන් තොරවද අවසන්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment