පාර්ලිමේන්තුවේ හෙට මොකද වෙන්නේ

264

පාර්ලිමේන්තුව හෙට (08) සිට ලබන 11 වැනිදා දක්වා රැස් වේ. ඒ අනුව හෙට දින පාර්ලිමේන්තුව පෙරවරු 10ට රැුස්වන අතර බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගැනීමට තීරණය වී තිබේ.
මේ අතර අමාත්‍ය ධුර වලින් නෙරපන ලද විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන මහත්වරු හෙට දිනයේදී ආණ්ඩු පක්ෂය තුළම පසුපෙළ ආසන වල අසුන් ගනු ඇති බවට මේ වයන විට මත ප‍්‍රකාශ වී ඇත.
කෙසේවෙතත් ඔවුන්ට ආසන පැනවීම පිළිබඳව මේ වන තෙක් ආණ්ඩු පක්ෂයෙන් නිෂ්චිත තොරතුරක් පාර්ලිමේන්තුවට දන්වා නැතැයි වේත‍්‍රදාරී නරේන්ද‍්‍ර ප‍්‍රනාන්දු මහතා දිවයින ට කීය.

advertistmentadvertistment
advertistmentadvertistment