ජාත්‍යන්තර ගුවන් සමාගම් 07 ක් එයි

612


ශ‍්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට ජාත්‍යන්තර ගුවන් සමාගම් 07 ක් සුදානම් වෙමින් සිටින බව සංචාරක ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ වසර අවසන් විමට පෙර එම ගුවන් සමාගම් ශ‍්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සදහන් කරයි.
මේ අතුරින් ගුවන් සමාගම් 05 ක් දැනටමත් කටුනායක ගුවන් තොටුපළට සිය මෙහෙයුම් සිදු කිරිමට එකගත්වය පළ කර තිබේ. රුසියාවේ එරෝ ෆ්ලොට් ගුවන් සමාගම නොවැම්බර් 04 වන දා සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර රුසියානු ගුවන් සමාගමක් වනඅසූර් එයාර් ගුවන් සමාගම සිය කාලසටහන්ගත ගුවන් ගමන් ලබන 11 වන දා සිට සිදු කිරීමට නියමිතයි. ඔවුන්ගේ විශේෂ ගුවන් යානා ලබන 30 වන දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ඉතාලි භෑධී ගුවන් සමාගමත්, ප‍්‍රංශයේඑයාර් ෆ‍්‍රාන්ස් න් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. බංගලාදේශ යූඑස් ලංගලා එයාර් ලයින් සමාගම ද නොවැම්බර් 01 වන දා සිට කටුනායක ගුවන් තොටුපළට ගුවන් ගමන් ආරම්භ කිරීම සදහා සුදානමින් සිටි.
ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ ඊශ‍්‍රාලයේ ආකියා ගුවන් සමාගමත්, ස්විස්ටර්ලන්තයේ ස්විස් එයාර් ගුවන් සමාගමත්
ශ‍්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිම කෙරෙහි කැමැත්තෙන් පසු වන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment