පාර්ලිමේන්තුවේ ඉන්න හිටපු ජනාධිපතිලා වත්කම් බැරකම් දෙන්න – පනත් කෙටුම්පත ගෙනෙමින් ඉරාන්ගෙන් ඉල්ලීමක්

85

සමගි ජන බලවේගය පත් කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඊයේ (26 දා) ඉදිරිපත් කරන ලදී.

ඊයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී සුළු මොහොතකට පසුව මන්ත්‍රීවරයා ප්‍රධාන යෝජනා යටතේ මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

රටක් වෙනස් වෙන්නේ නීති සම්පාදනයෙන් පමණක් නොවෙයි ආදර්ශවලින්. මම මේක අවස්ථාවක් කර ගන්නවා, වත්මන් ජනාාධිපතිතුමාගෙන් වගේම හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු මේ සභාව නියෝජනය කරනවා. ඒ අයගෙනුත් මම ඉල්ලීමක් කර ගන්නවා එතුමන්ලාගේ වත්කම් සහ බැරකම් ප්‍රසිද්ධ කරන්න කියලා. එතුමන්ලා එහෙම කළොත් ඇමැතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට තම වත්කම් ප්‍රසිද්ධ කරන්න වෙයි. දූෂණය නැති කරන්න බැරි වුණත් අවම කරගන්න පුළුවන් වේවි. රට ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. අපිට ඒ දේ කරන්න පුළුවන්.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment